තක්කාලි
ලයිකොපර්සිකන් එස්කියුලැන්ටම්
Lycopersicon esculentum
කුලය - සොලනේසී
ලාංකාවේ උඩරට තෙත් කලාපයේ හැර අනිකුත් සියලුම කෘෂි දේශගුණික කලාපවල තක්කාලි වගාකළ හැකිය. එය ගොවියාට සාර්ථක ආදායමක් උපයාදෙන, සැලකියයුතු අපනයන විභවයක් ඇති හා විටමින් ඒ, සී හා ඛනිජ පදාර්ථ අඩංගු බෝගයක් ද වේ.
ඉදුණු තක්කාලි ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන්

| පෝෂණය | ප්‍රමාණය |
| කාබෝහයිඩ්‍රේට් | ග්‍රෑම් 3.6 |
| ප්‍රෝටීන් | ග්‍රෑම් 0.9 |
| මේදය | ග්‍රෑම් 0.2 |
| කැල්සියම් | මිලි ග්‍රෑම් 48 |
| යකඩ | මිලිග්‍රෑම් 0.4 |
| විටමින් ඒ | මයික්‍රොග්‍රෑම් - |
| කැරටීන් | මයික්‍රොග්‍රෑම් 351 |
| තයමීන් | මයික්‍රොග්‍රෑම් 120 |
| රයිබෝප්ලේවින් | මයික්‍රොග්‍රෑම් 60 |
නිර්දේශිත ප්‍රභේද
කේ. ඩබ්. ආර්. (ටී. 62 )
- පඳුරු තක්කාලි ප්‍රභේදයකි
- බැක්ටිරියානු හිටු මැරීමට හොදින් ඔරොත්තුදේ
- ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 50 ක් පමණය.
රෝමා
- පඳුරු තක්කාලි ප්‍රභේදයකි
- පහතරට වියළි කලාපයට වඩාත් සුදුසුය
- ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 60 ක් පමණ වේ
- තද පොත්තක් සහිතය. බල්බාකාර හැඩැතිය
මාර්ග්ලෝබ්
පඳුරු තක්කාලි ප්‍රභේදයකි. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 90 ක් පමණය. තද පොත්තක් ඇත. බැක්ටිරියානු හිටුමැරීමේ රෝගයට, නෙමටෝඩාවන්ට ප්‍රතිරෝධීය, කොළ කොඩවීමේ වෛරස් රෝගයට ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමක් පෙන්වයි.
ගොරක තක්කාලි
දෙමුහුම් ප්‍රභේදයකි. වර්ධන විලාශය පඳුරක් වැනිය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 65 පමණ වේ. තද පොත්තක් සහිතය.
තිළිණ
අපරිමිත වර්ධනයක් සහිත වැඩි අස්වනු දෙන ප්‍රභේදයකි. දින 45 දී මල් පීපෙන අතර මාස 2 දී පළමු අස්වැන්න ලබාදේ. අවම වශයෙන් වාර 12 පමණ අස්වනු ලබාගත හැකිය. සලාද සදහා මෙන්ම විවිධ නිෂ්පාදන සැකසීම සදහා ද සුදුසු මෙම ප්‍රභේදයේ ගෙඩි තද ස්වභාවයකින් යුක්ත නිසා ප්‍රවාහනයේදී සුදුවන හානිවලට හොදින් ඔරොත්තු දේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 85 - 95 පමණ වේ. ඉදුණු ගෙඩි තැඹිලි රතු පාටය. ගෙඩියක් තුළ අඩංගු බීජ ප්‍රමාණය වෙනත් බොහෝ වර්ගවලට වඩා අඩුය.
රවි
වැඩි පරිසර උෂ්ණත්ව පවතින ප්‍රදේශ සදහා විශේෂයෙන් ගැලපෙන ප්‍රභේදයකි. පරිමිත වර්ධනයක් සහිතයි. ඉදුණු ගෙඩි තැඹිලි රතු පාටය. පසු අස්වනු හානි අඩුය. ගෙඩි පිපිරීමට හා හිටුමැරීමට ඔරොත්තු දේ.
තරිදු
හිටුමැරීමට හොදින් ඔරොත්තු දෙන තද රතු පැහැති මදයක් සහිත රවුම් ගෙඩි හටග්න්නා වර්ගයකි. විවිධ තක්කාලි නිෂ්පාදන සැකසීම සදහා විශේෂයෙන් සුදුසුය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 43 පමණ වේ.
රෂ්මි
දෙමුහුන් තක්කාලි ප්‍රභේදවල මෙන් විශාල ගෙඩි හටගන්නා, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ප්‍රභේදයකි. පඳුරක් ආකාරයට වැඩෙන සීමිත වර්ධනයක් ඇති ගසකි. ඉදුණු ගෙඩි තැඹිලි රතු පාටය. ග්‍රෑම් 185 ක් පමණ බරය. හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ මට්ටමින් ප්‍රතිරෝධිතාවයක් දක්වයි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටෙන් 25 - 28 පමණ වේ.
රජිත
ග්‍රෑම් 80 පමණ බරකින් යුත් මෙම ප්‍රභේදයේ ගෙඩි ඉදුණු විට තැඹිල් පාටය. පඳුරක් ආකාරයට වැඩෙන ශාකයෙහි සීමිත වර්ධන විශාලයක් පවතී. හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ මට්ටමේ ප්‍රතිරෝධිතාවයක් පෙන්වයි. ගෙඩි පැලීම සිදුවන්නේ ඉතා මද වශයෙනි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටෙන් 30 පමණ වේ.
භාතිය
හෙක්ටයාරයකට - ග්‍රෑම් 300 - 400 කි.
තවාන් පිළියෙල කිරීම
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග තවාන් පාත්ති 20 ක් හෙක්ටයාරයක් සදහා අවශ්‍යය.
පාත්ති වටා කාණුව සෙන්ටි මීටර් 45 ක් පළලට සකසන්න.
තවාන් පාත්ති සෙන්ටි මීටර් 18 - 20 පමණ උස්විය යුතුය.
මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටි මීටර් 5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.
ජීවානුහරණය
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් - කැප්ටාන් / තිරාම්
පිළිස්සීම මගින් - පාත්තිය හොදින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගන්න.
බීජ තවාන් දැමීම
සුදුසු කාලය
මාර්තු මැද හෝ අගෝස්තු මස අගදී බීජ තවාන් දමන්න. තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන් / තිරාම් වැනි දිලීර නාශක ග්‍රෑම් 2ක් මිශ්‍ර කරගන්න.
තවානේ පේලි අතර පරතරය සෙන්ටි මීටර් 12 - 15 ක් වනසේ බීජ තුනීව දමන්න.
සිටුවන ගැඹුර
සෙන්ටි මීටර් 0.5 - 1.0 පමණ ගැඹුරකින් බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින් තුනීව වසන්න. දිනපතා ජලය දමන්න.
අධික වැස්සෙන් / හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සදහා තවාන ආවරණය කරන්න.
දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8 - 10 තුළදී පැල තුනී කරන්න. වල් පළෑටි අතින් ගලවා දමන්න.
පැල ගැලවීමට දින කිහිපයකට කළින් පැල දැඩිකිරීම සදහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.
ක්ෂේත්‍ර පිළියෙල කිරීම
පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකළ ඉඩමක් වගාව සදහා තෝරාගන්න.
ගැඹුරු පස් පෙරලීමකින් පසු පොළොව මට්ටමි කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න.
පරතරය
සෙන්ටි මීටර් 80 x 50 කි.
ක්ෂේත්‍රයේ සිටුවීම
පැල ගැලවීමට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරන්න.
තවානේ පැල දින 14 - 21 අතරදී ගලවා සිටුවන්න. සවස් වරුවේ ගලවා සිටුවන්න.
පැල සිටුවන සෑම වලකටම කාබනික පොහොර යොදන්න. (හෙක්ටයාරයකට ටොන් 6 -12) සමතලා පාත්ති හෝ උස් පාත්තිවල පැල සිටුවීම කරන්න. පැල සිටුවා අධික හිරුරැස් ඇති නම් පැලවල මුල් වැඩෙන තෙක් ආවරණය කොට තබන්න.
- වැල් තක්කාලි ප්‍රභේදයකි
- වඩාත් සුදුසු වන්නේ උඩරට අතරමැදි කලාපයටය
- ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 100 ක් පමණය
- තද පොත්තකින් යුක්තය
- අර්ධ වශයෙන් වැල් ආකාරයට වැඩෙන තක්කාලි ප්‍රභේදයකි
- උඩරට අතරමැදි කලාපයටය වඩාත් සුදුසුය
- ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 100 ක් පමණ වේ
- තද පොත්තක් සහිතය
ගොරක තක්කාලි
- තෝරාගත් වරණයකි
- බැක්ටීරියා හිටුමැරීමට ප්‍රතිරෝධී වේ
- ගෙඩි තැඹිලි පැහැයට හුරු රතු පැටය
- ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 122ක් පමණ වේ
දෙමුහුම් ප්‍රභේදයකි. වර්ධන විලාශය පඳුරක් වැනිය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 65 පමණ වේ. තද පොත්තක් සහිතය.
තිළිණ
රවි
තරිදු
රෂ්මි
රජිත
භාතිය
- මෙය වැල් ආකාර ප්‍රභේදයකි
- ඝන පිටපොත්තක් සහිතය
- ගෙඩි පිපිරීම අඩුය
- ගෙඩියක බර ග්‍රෑම් 85ක් පමණ වේ
- දින 25ක් පමණ කල්තබා ගැනීමේ කාලයකින් යුතුය
- ඉහළ වෙළඳපොල ඉල්ලුමක් හා පාරිභෝගික රුචිකත්වයක් ඇති ප්‍රභේදයකි
- බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී වේ
- වෛරස් රෝගවලට විශේෂයෙන්ම කර්ලිටොප් වෛරස් රෝගයට ප්‍රතිරෝධී වේ
- අස්වනු විභවය හෙක්ටයාරයට ටොන් 61ක් පමණ වේ
- මෙම ප්‍රභේදය තරමක් පැතලි විශාල ගෙඩි සහිත වන අතර ගෙඩි පැලීම අඩුය
- කල් තබාගැනීමේ හැකියාව ඉහළය
- පදුරක් ලෙස වැවෙන බැවින් කෝටු සිටුවීම අවශ්‍ය නොවේ
- හෙක්ටයාරයකට ටොන් 23ක් පමණ අස්වැන්නක් ලබාගත හැක
- වියළි කලාපීය ප්‍රදේශවල තක්කාලි වගා කිරීම ගැටළු සහගත වේ
- අධික උෂ්ණත්වය හේතුවෙන් තක්කාලි මල් හා ගෙඩි හටගැනීම අඩුවීම මෙයට ප්‍රධාන ලෙස බලපායි
- උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගොවීන් අතර මෙම ප්‍රභේදය ජනප්‍රිය වී තිබේ
- දෙමුහුම් ප්‍රභේදයකි
- උසස් අස්වැන්නක් ලබාගත හැක
- බැක්ටීරියා හිටුමැරීමට ප්‍රතිරෝධී
- ගෙඩි රතු පැහැතිය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 125ක් පමණය
හෙක්ටයාරයකට - ග්‍රෑම් 300 - 400 කි.
තවාන් පිළියෙල කිරීම
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග තවාන් පාත්ති 20 ක් හෙක්ටයාරයක් සදහා අවශ්‍යය.
පාත්ති වටා කාණුව සෙන්ටි මීටර් 45 ක් පළලට සකසන්න.
තවාන් පාත්ති සෙන්ටි මීටර් 18 - 20 පමණ උස්විය යුතුය.
මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටි මීටර් 5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.
ජීවානුහරණය
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් - කැප්ටාන් / තිරාම්
පිළිස්සීම මගින් - පාත්තිය හොදින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගන්න.
බීජ තවාන් දැමීම
සුදුසු කාලය
මාර්තු මැද හෝ අගෝස්තු මස අගදී බීජ තවාන් දමන්න. තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන් / තිරාම් වැනි දිලීර නාශක ග්‍රෑම් 2ක් මිශ්‍ර කරගන්න.
තවානේ පේලි අතර පරතරය සෙන්ටි මීටර් 12 - 15 ක් වනසේ බීජ තුනීව දමන්න.
සිටුවන ගැඹුර
සෙන්ටි මීටර් 0.5 - 1.0 පමණ ගැඹුරකින් බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින් තුනීව වසන්න. දිනපතා ජලය දමන්න.
අධික වැස්සෙන් / හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සදහා තවාන ආවරණය කරන්න.
දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8 - 10 තුළදී පැල තුනී කරන්න. වල් පළෑටි අතින් ගලවා දමන්න.
පැල ගැලවීමට දින කිහිපයකට කළින් පැල දැඩිකිරීම සදහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.
ක්ෂේත්‍ර පිළියෙල කිරීම
පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකළ ඉඩමක් වගාව සදහා තෝරාගන්න.
ගැඹුරු පස් පෙරලීමකින් පසු පොළොව මට්ටමි කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න.
පරතරය
සෙන්ටි මීටර් 80 x 50 කි.
ක්ෂේත්‍රයේ සිටුවීම
පැල ගැලවීමට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරන්න.
තවානේ පැල දින 14 - 21 අතරදී ගලවා සිටුවන්න. සවස් වරුවේ ගලවා සිටුවන්න.
පැල සිටුවන සෑම වලකටම කාබනික පොහොර යොදන්න. (හෙක්ටයාරයකට ටොන් 6 -12) සමතලා පාත්ති හෝ උස් පාත්තිවල පැල සිටුවීම කරන්න. පැල සිටුවා අධික හිරුරැස් ඇති නම් පැලවල මුල් වැඩෙන තෙක් ආවරණය කොට තබන්න.
පොහොර යෙදීම
සකසාගත් වලවල් වලට පැල සිටුවීමට දින 2 - 3 පෙර කාබනික පොහොර සහ මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර යෙදා පස් සමග කළවම් කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්ටයාරයකට ටොන් 10 පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.
බදුල්ල දිස්ත්‍රික්කය සදහා ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයට කිලෝ ග්‍රෑම් 220 යොදන්න.
ජල සම්පාදනය
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.
වල් මර්ධනය
පැල සිටුවා සති 3 දී හා 6 දී සිදු කරන්න.
ආධාරක සිටුවීම
ගස් ඇද වැටිම වලකා ගැනිම සදහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටු වලට ගස් තබා ප්‍රවේශමෙන් බදින්න.
සකසාගත් වලවල් වලට පැල සිටුවීමට දින 2 - 3 පෙර කාබනික පොහොර සහ මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර යෙදා පස් සමග කළවම් කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්ටයාරයකට ටොන් 10 පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.
| යෙදිය යුතු කාලය | යූරියා හෙ./ කි.ග්‍රෑ | ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙ./ කි.ග්‍රෑ | මියුරියේට් ඔෆ් පොටෑෂ් හෙ./ කි.ග්‍රෑ |
| මුලික පොහොර | 65 | 325 | 65 |
| පැල මතුවී සති 3 පසු | 55 | - | - |
| පැල මතුවී සති 6 පසු | 65 | - | 65 |
ජල සම්පාදනය
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.
වල් මර්ධනය
පැල සිටුවා සති 3 දී හා 6 දී සිදු කරන්න.
ආධාරක සිටුවීම
ගස් ඇද වැටිම වලකා ගැනිම සදහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටු වලට ගස් තබා ප්‍රවේශමෙන් බදින්න.
කෘමි පාලනය
තක්කාලි ගෙඩි විදින පණුවා
හානියේ ලක්ෂණ
කුඩා පණුවා කෙටි කාලයක් පත්‍ර කමින් ක්‍රමයෙන් ගෙඩි විදීමට පටන් ගනී. ගෙඩිවල සිදුරු දක්නට ලැබේ.
පාලනය
පහත සදහන් කෘමිනාශකවලින් එකක් යොදන්න.
ක්ලෝෆ්ලුවසුරොන් - මිලි ලීටර් 10 - 50 g/1 ( ඇටබ්‍රොන්) බැසිලස් තුරෙන්ජිඑන්සිස් - ග්‍රෑම් 45 (බී. ටී) ඉහත කෘමිනාශකවල නියමිත ප්‍රමාණ ජලය ලීටර් 10 ක බැගින් දියකර ඉසින්න.
මල් හා ගෙඩි හටගන්නා අවධියේදී කෘමිනාශක ඉසිය යුතුය. අවශ්‍ය නම් පමණක් දින 14 කට වරක් කෘමිනාශක ද දින 10 කට වරක් බී.ටී ද යෙදීම වඩාත් සුදුසුය. අස්වනු නෙලීමට දින 14 කට පෙර කෘමිනාශක යෙදීම නවත්වන්න.
කියත් පනුවා
හානියේ ලක්ෂණ
කුඩා පැලවල කද කපා විනාශකර දමයි.
පාලනය
ක්ෂේත්‍රයේ පස හොදින් පෙරලා හිරුඑළියට නිරාවරණය කරන්න.
සිටුවන අවස්ථාවේ හෙක්ටයාර 1 කට කාබොෆියුරාන් 3% කිලෝ ග්‍රෑම් 22 - 35 අතර ප්‍රමාණයක් පසට කලවම් කරන්න.
එසේ නැතහොත්,
පහත සදහන් කෘමිනාශකවලින් එකක් පැල සිටුවීමෙන් පසු පැලය වටා තෙමෙනසේ යොදන්න.
ඉහත කෘමිනාශක ප්‍රමාණ ජලය ලීටර් 10 ක බැගින් ම්ශ්‍රකර යොදන්න.
රෝග පාලනය
තවාන් රෝග
දිලීර වර්ග කිහිපයක් නිසා දියමලන්කෑම නොහොත් පාමුල කුණුවීම ඇතිවිය හැක.
රෝගී පැලවල කදෙහි පාමුල ප්‍රදේශය කුණූවී පැල ඇදවැටී හෝ මැලවී පසුව මැරී යයි.
පාලනය
තවාන් පසේ රෝග ඇති කරන දිලීර වර්ග ඇති බැවින් තවාන් සකස් කරන විට තවාන් පාත්තිවල පස පුළුස්සා ගන්න.
එසේ නොමැති නම් පහත සදහන් දිලීරනාශකවලින් එකක් දියකර පස හොදින් තෙමෙන සේ මල්බාල්දියකින් පසට යොදන්න.
ඉහත දිලීරනාශක ප්‍රමාණ ජලය ලීටර් 5 ක දියකර වර්ග මීටර් 2 කට යොදන්න. නැතහොත් පහත සදහන් දිලීරනාශක සමග මිශ්‍රකර බීජ සිටුවන්න.
ඉහත ප්‍රමාණය බීජ කිලෝ 1 කට සෑහේ.
දිලීර මැලවීම
දිලීර වර්ග කිහිපයක් නිසා ඇති වේ.
රෝග ලක්ෂණ
ගස මැලවී යයි. ගසේ පාමුල හා මුල් කුණුවී යයි. සමහරවිට මුල් හා පාමුල කොටසේ සුදුපාට දිලීර දැකිය හැක.
පාලනය
කාණු ගැඹුරුකර හොදින් ජලය බැසයාමට සලසන්න. ඉහත දිලීරනාශක රෝගී පැලයේ මුල් හා ඒ අවට ඇති පැලවල මුල් හොදින් තෙමෙන සේ මල්බාල්දියකින් යොදන්න.
බැක්ටීරියා හිටුමැරීම
පසේ ඇති බැකිටීරියාවක් මගින් ඇති වේ.
රෝග ලක්ෂණ
පැල මැලවීම සුදු වේ. ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නෙලැබේ. පස මට්ටමට අගලක් පමණ උඩින් කද කපා පිරිසිදු වතුර භාජනයකට දැමූවිට කිරිපාට නූල් මෙන් බාක්ටීරියා පිටතට පැමිණේනම්, මෙය බැක්ටීරියා හිටුමැරීම බව ස්ථීරවම නිගමනය කළහැක. මේ අනුව දිලීර හිටුමැරීමෙන් මෙය වෙන්කර හදුනාගත හැකිය.
පාලනය
කාණු ගැඹුරුකර හොදින් ජලවහනය ඇති කරන්න.
ප්‍රතිරෝධී වර්ග වගා කරන්න. KWR ඉතාමත් ප්‍රතිරෝධීය.
T - 146 තරමක් මෙයට ප්‍රතිරෝධී වේ.
පසට කාබනික පොහොර යොදන්න.
අංගමාරය
රෝග ලක්ෂණ
කොළවල හා කදේ දුඹුරු හෝ කළුපාට පුලුලි ඇති වේ. ඒවා වැසි හෝ මීදුම සහිත කාළගුණයේදී ඉක්මනින් විශාලවී කුණුවී යයි. පුල්ලිවලට උඩින් ඇති ගසේ කොටස් කඩාවැටීම හෝ මැලවීම සිදුවේ. මෙම පුල්ලි ගසේ ඕනෑම තැනක ඇතිවිය හැක. ගෙඩිවලද එම පුල්ලි ඇතිවී ගෙඩිද කුණුවී යයි.
පාලනය
වැසි සහිත කාළගුණයක් ඇතිවිටදී රෝගය ඉක්මනින් පැතිරී ගස් සියල්ලම විනාශවී යාහැකි බැවින් රෝග ලක්ෂණ දුටුවහාම පහත දිලීරනාශකවලින් දෙකක් තෝරාගෙන මාරුවෙන් මාරුවට සති 2 කට වරක් යොදන්න.
ඉහත දිලීරනාශක ප්‍රමාණය ජලය ලීටර් 10 ක දියකර ගස් හොදින් තෙමෙන සේ යොදන්න.
නිර්දේශිත ආකාරයට පොහොර මිශ්‍රණ යොදන්න. වැඩියෙන් යූරියා පොහොර නොයොදන්න. රෝගී ගස් හා ගෙඩි ක්ෂේත්‍රයෙන් ඉවත්කර විනාශකර දමන්න.
පිටිපුස් රෝගය
රෝග ලක්ෂණ
සුදුපාට පිටි වැනි දිලීරයේ කොටස් කොළවල යටි පැත්තේ මුලින්ම ඇති වේ. මේ නිසා කොළවල උඩ පැත්ත කහපාට වේ.
පාලනය
රෝග ලක්ෂණ දුටුවහාම සල්ෆර් කුඩු ග්‍රෑම් 50 ජලය ලීටර 10 ක දියකර ඉසින්න. අවශ්‍යනම් නැවත සතියකින් ඉසින්න.
ඇන්ත්‍රැක්නෝස් රෝගය
රෝග ලක්ෂණ
ගෙඩි කුණුවීම හාකද ඉහළ සිට කුණූවීම, මල් හැලීයාම සිදු වේ. වැසි සහිත කාලගුණයේදී රෝගය දරුණු වේ.
පාලනය
පහත සදහන් දිලීරනාශක වලින් එකක් යොදන්න.
ඉහත දිලීරනාශක ප්‍රමාණ ජලය ලීටර් 10 ක දියකර ඉසින්න.
ගෙඩිවල යට කුණුවීම
මෙම බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන්නකි.
රෝග ලක්ෂණ
ගෙඩියේ යටි පැත්ත කුණුවී යයි.
තක්කාලි ගෙඩි විදින පණුවා
හානියේ ලක්ෂණ
කුඩා පණුවා කෙටි කාලයක් පත්‍ර කමින් ක්‍රමයෙන් ගෙඩි විදීමට පටන් ගනී. ගෙඩිවල සිදුරු දක්නට ලැබේ.
පාලනය
පහත සදහන් කෘමිනාශකවලින් එකක් යොදන්න.
ක්ලෝෆ්ලුවසුරොන් - මිලි ලීටර් 10 - 50 g/1 ( ඇටබ්‍රොන්) බැසිලස් තුරෙන්ජිඑන්සිස් - ග්‍රෑම් 45 (බී. ටී) ඉහත කෘමිනාශකවල නියමිත ප්‍රමාණ ජලය ලීටර් 10 ක බැගින් දියකර ඉසින්න.
මල් හා ගෙඩි හටගන්නා අවධියේදී කෘමිනාශක ඉසිය යුතුය. අවශ්‍ය නම් පමණක් දින 14 කට වරක් කෘමිනාශක ද දින 10 කට වරක් බී.ටී ද යෙදීම වඩාත් සුදුසුය. අස්වනු නෙලීමට දින 14 කට පෙර කෘමිනාශක යෙදීම නවත්වන්න.
කියත් පනුවා
හානියේ ලක්ෂණ
කුඩා පැලවල කද කපා විනාශකර දමයි.
පාලනය
ක්ෂේත්‍රයේ පස හොදින් පෙරලා හිරුඑළියට නිරාවරණය කරන්න.
සිටුවන අවස්ථාවේ හෙක්ටයාර 1 කට කාබොෆියුරාන් 3% කිලෝ ග්‍රෑම් 22 - 35 අතර ප්‍රමාණයක් පසට කලවම් කරන්න.
එසේ නැතහොත්,
පහත සදහන් කෘමිනාශකවලින් එකක් පැල සිටුවීමෙන් පසු පැලය වටා තෙමෙනසේ යොදන්න.
| ට්‍රයික්ලෝෆෝන්, 500 g/1 (ඩිප්ටෙරෙක්ස්) | - මිලි ලිටර් 37 |
| ප්‍රොෆෙනොෆොස්, 500 g/1 (සෙලික්‍රෝන්) | - මිලි ලිටර් 23 |
| ප්‍රොතියොෆොස්, 500 g/1 (ටෙකුතයෝන්) | - මිලි ලිටර් 30 |
| ක්ලෝෆ්ලුවසුරෝන්, 50 g/1 (ඇටබ්‍රෝන්) | - මිලි ලිටර් 10 |
රෝග පාලනය
තවාන් රෝග
දිලීර වර්ග කිහිපයක් නිසා දියමලන්කෑම නොහොත් පාමුල කුණුවීම ඇතිවිය හැක.
රෝගී පැලවල කදෙහි පාමුල ප්‍රදේශය කුණූවී පැල ඇදවැටී හෝ මැලවී පසුව මැරී යයි.
පාලනය
තවාන් පසේ රෝග ඇති කරන දිලීර වර්ග ඇති බැවින් තවාන් සකස් කරන විට තවාන් පාත්තිවල පස පුළුස්සා ගන්න.
එසේ නොමැති නම් පහත සදහන් දිලීරනාශකවලින් එකක් දියකර පස හොදින් තෙමෙන සේ මල්බාල්දියකින් පසට යොදන්න.
| කැප්ටාන් 50% | - ග්‍රෑම් 6 |
| කැප්ටාන් 80% | - ග්‍රෑම් 4 |
| ක්ලෝරොතැලොනිල් ( ඩැකොනිල් ) | - ග්‍රෑම් 6 |
| තිරාම් | - ග්‍රෑම් 7 |
| තයොෆනේටි මීතයිල් (ටොප්සීන්) | - ග්‍රෑම් 3 |
| කැප්ටාන් 50% | - ග්‍රෑම් 6 |
| කැප්ටාන් 80% | - ග්‍රෑම් 4 |
| තිරාම් | - ග්‍රෑම් 4 |
දිලීර මැලවීම
දිලීර වර්ග කිහිපයක් නිසා ඇති වේ.
රෝග ලක්ෂණ
ගස මැලවී යයි. ගසේ පාමුල හා මුල් කුණුවී යයි. සමහරවිට මුල් හා පාමුල කොටසේ සුදුපාට දිලීර දැකිය හැක.
පාලනය
කාණු ගැඹුරුකර හොදින් ජලය බැසයාමට සලසන්න. ඉහත දිලීරනාශක රෝගී පැලයේ මුල් හා ඒ අවට ඇති පැලවල මුල් හොදින් තෙමෙන සේ මල්බාල්දියකින් යොදන්න.
බැක්ටීරියා හිටුමැරීම
පසේ ඇති බැකිටීරියාවක් මගින් ඇති වේ.
රෝග ලක්ෂණ
පැල මැලවීම සුදු වේ. ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නෙලැබේ. පස මට්ටමට අගලක් පමණ උඩින් කද කපා පිරිසිදු වතුර භාජනයකට දැමූවිට කිරිපාට නූල් මෙන් බාක්ටීරියා පිටතට පැමිණේනම්, මෙය බැක්ටීරියා හිටුමැරීම බව ස්ථීරවම නිගමනය කළහැක. මේ අනුව දිලීර හිටුමැරීමෙන් මෙය වෙන්කර හදුනාගත හැකිය.
පාලනය
කාණු ගැඹුරුකර හොදින් ජලවහනය ඇති කරන්න.
ප්‍රතිරෝධී වර්ග වගා කරන්න. KWR ඉතාමත් ප්‍රතිරෝධීය.
T - 146 තරමක් මෙයට ප්‍රතිරෝධී වේ.
පසට කාබනික පොහොර යොදන්න.
අංගමාරය
රෝග ලක්ෂණ
කොළවල හා කදේ දුඹුරු හෝ කළුපාට පුලුලි ඇති වේ. ඒවා වැසි හෝ මීදුම සහිත කාළගුණයේදී ඉක්මනින් විශාලවී කුණුවී යයි. පුල්ලිවලට උඩින් ඇති ගසේ කොටස් කඩාවැටීම හෝ මැලවීම සිදුවේ. මෙම පුල්ලි ගසේ ඕනෑම තැනක ඇතිවිය හැක. ගෙඩිවලද එම පුල්ලි ඇතිවී ගෙඩිද කුණුවී යයි.
පාලනය
වැසි සහිත කාළගුණයක් ඇතිවිටදී රෝගය ඉක්මනින් පැතිරී ගස් සියල්ලම විනාශවී යාහැකි බැවින් රෝග ලක්ෂණ දුටුවහාම පහත දිලීරනාශකවලින් දෙකක් තෝරාගෙන මාරුවෙන් මාරුවට සති 2 කට වරක් යොදන්න.
| ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල් ) | - මිලි ලීටර් 30 |
| ප්‍රෙපිනෙබ් (ඇන්ට්‍රකෝල්) | - මිලි ලීටර් 20 |
| මැන්කොසෙබ් | - මිලි ලීටර් 20 |
| මැනෙබ් | - මිලි ලීටර් 25 |
| ප්‍රොපමොකාබ් (ප්‍රෙවිකර්) | - මිලි ලීටර් 35 |
නිර්දේශිත ආකාරයට පොහොර මිශ්‍රණ යොදන්න. වැඩියෙන් යූරියා පොහොර නොයොදන්න. රෝගී ගස් හා ගෙඩි ක්ෂේත්‍රයෙන් ඉවත්කර විනාශකර දමන්න.
පිටිපුස් රෝගය
රෝග ලක්ෂණ
සුදුපාට පිටි වැනි දිලීරයේ කොටස් කොළවල යටි පැත්තේ මුලින්ම ඇති වේ. මේ නිසා කොළවල උඩ පැත්ත කහපාට වේ.
පාලනය
රෝග ලක්ෂණ දුටුවහාම සල්ෆර් කුඩු ග්‍රෑම් 50 ජලය ලීටර 10 ක දියකර ඉසින්න. අවශ්‍යනම් නැවත සතියකින් ඉසින්න.
ඇන්ත්‍රැක්නෝස් රෝගය
රෝග ලක්ෂණ
ගෙඩි කුණුවීම හාකද ඉහළ සිට කුණූවීම, මල් හැලීයාම සිදු වේ. වැසි සහිත කාලගුණයේදී රෝගය දරුණු වේ.
පාලනය
පහත සදහන් දිලීරනාශක වලින් එකක් යොදන්න.
| ක්ලෝරොතැලොනිල් ( ඩැකොනිල් ) | - ග්‍රෑම් 20 |
| මැන්කොසෙබ් | - ග්‍රෑම් 20 |
| මැනෙබ් | - ග්‍රෑම් 20 |
| කාබන්ඩසිම් (බැවිස්ටින්) | - ග්‍රෑම් 07 |
ගෙඩිවල යට කුණුවීම
මෙම බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන්නකි.
රෝග ලක්ෂණ
ගෙඩියේ යටි පැත්ත කුණුවී යයි.
පාලනය
වතුර වැඩි කාලවලදී කාණු ගැඹුරුකර වතුර බැස යාමට සලස්වන්න. වතුර හිග කාලවලදී වතුර සපයන්න.
තෙතමනය ඒකාකාරීව පවත්වා ගැනීමට පිදුරු, කොළ වර්ග ආදිය යොදා පැල අවට වසුනක් කරන්න.
වෛරස් රෝග
ලංකාවේ තක්කිලි වගාවට බලපාන වෛරස් රෝග කිහිපයකි.
පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය (CMV)
දුම්කොළ විචිත්‍ර වෛරසය (TMV)
ටොමැටෝ ස්පොටඩ් විල්ට් වෛරසය (TSWV)
තක්කාලි කහපැහැ කොළ කොඩවීමේ වෛරසය (TYLCV)
කර්ලි ටොප් වෛරසය (CT)
CWV රෝග ලක්ෂණ
ශාක කුරුවීම, පත්‍ර කහවීම, පත්‍ර සිහින්වීම, ගෙඩි කුඩාවීම, අඩුවීම හා ප්‍රමාද වී මේරීම.
බෝවීම
කූඩිත්තන් මගින්, රෝගී ශාකවල යුෂ නිරෝගී ශාක වල තැවරීමෙන්, වල් පැලෑටි බීජ මගින්
පාලනය
වල් පැලෑටි විනාශ කිරීම.
පිපිඤ්ඤා කුලයේ හා සොලනේසි කුලයේ බෝග සමග තක්කාලි මිශ්‍ර වගාවක් ලෙස වගා නොකිරීම.
රෝගී පැල ඉවත් කිරීම.
රෝග වාහකයාගේ ගහනය අඩුකර ගැනීමට නිර්දේශීත කෘමිනාශක යෙදීම.
TMV රෝග ලක්ෂණ
ශාක කුරුවීම
පත්‍ර, මීවන පත්‍ර මෙන් සිහින්ව දික්වීම.
පත්‍ර විචිත්‍රය හා පත්‍ර රැලි ගැසීම.
ගෙඩි ඉදීම ඒකාකාරීව සිදුනොවීම.
බෝවීම
රෝගී ශාකවලින් ලබාගත් බීජ මගින්
රෝගී වගාවන්හි පස් හා මුල් මගින්
රෝගී ශාක කොටස්වලින්
පාලනය
ආසාදිත ශාක පුළුස්සා දැමීම, පිරිසිදු බීජ භාවිතය, බීජ ප්‍රතිකාරක යෙදීම, ට්‍රයිසොඩියම් ඩීකෝ පොස්පේට් ද්‍රාවනයේ විනාඩි 15 ක් බීජ තබා ජලයෙන් සෝදා බීජ වේලීම.
TSWV රෝග ලක්ෂණ
පත්‍රවල තඹ පැහැයක් ඇති වේ.
ලපටි පත්‍රමත තද පැලිලම් හටගනී.
අග්‍රස්ථය මියයාම හා ශක කද මත ඉරි ඇතිවේ.
අතු මැලවී කඩා වැටේ. ගෙඩි මත රවුම් පැල්ලම් ඇති වේ.
බෝවීම
පැල මැක්කන් මගින්, බීජ මගින්, ශාක යුෂ මගින්.
පාලනය
වල් පැලෑටි විනාශ කිරීම, රෝගී පැල ඉවත් කිරීම, නීරෝගී බීජ භාවිතය, වාහකයාගේ ගහණය අඩුකිරීම, නිර්දේශිත කෘමිනාශක යෙදීම.
TYLCV රෝග ලක්ෂණ
කදෙහි අග්‍රස්ථ සෘජුව තිබීම හා පසුව කෙටිවීම.
පත්‍ර කුඩාවීම.
පත්‍ර උඩට හෝ යටට හැකිලීම.
වර්ධනය බාලවීම.
බෝවීම
සුදුමැස්සා මගින් බෝවේ. නමුත් බීජ හා ශාකයුෂ මගින් මෙම රෝගය බෝ නෙවේ.
පාලනය
සුදුමැස්සා පාලනයට නිර්දේශිත කෘමිනාශක යෙදීම. රෝගී ශාක ඉවත්කිරීම, වල් පැලෑටි විනාශ කිරීම.
CT රෝග ලක්ෂණ
කුඩා කළ රෝග ශාක වියළී මිය යයි. ශාක කුරු වේ. පත්‍ර නටු පහතට කඩා වැටේ. පත්‍ර උඩ අතට හැකිලේ, පත්‍ර දුඹුරු පැහැවී නාරටි දම් පැහැවේ. ගෙඩි මත දුඹූරු පැහැති පැල්ලම් හටගනී.
බෝවීම
කොළපාට කීඩෑවන් මගින් බෝවන මෙම රෝගය ශාක යුෂ මගින් ව්‍යප්ත නොවේ.
පාලනය
වල්පැලෑටි පාලනය, නිර්දේශත කෘමිනාශක යොදා වාහකයා පාලනය. රෝගී ශාක ඉවත් කිරීම, බීට් හා තක්කාලි මිශ්‍ර බෝග ලෙස වගා නොකිරීම.
අස්වැන්න
හොදින් නඩත්තුකළ වගාවකින් හෙක්ටයාරයකට ටොන් 20 - 30 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.
හොදින් නඩත්තුකළ වගාවකින් හෙක්ටයාරයකට ටොන් 20 - 30 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.
අස්වැන්න නෙලීම
ගෙඩි කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්ථාවේදී නෙලාගන්න. අස්වනු නෙලීම 10 - 12 වරකට පමණ කළ යුතුය.
අස්වැන්න සකසා ගැනීම
නෙලාගත් ගෙඩි, ප්‍රමාණය අනුව වර්ගකර, හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි ලී පෙට්ටිවල අසුරා වෙළදපොලට යවන්න.
කන්නයට වගා කිරීම
නියමිත කන්නයට වගා කිරීම, වී වගාවේ වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. මෙය ප්‍රධාන කරුණු දෙකක් යටතේ සිදුකළ යුතුය.
- නියමිත කන්නයට වගා කිරීම
- යායේ ගොවීන් සියළු දෙනාම එකමුතුව එකවර වගා කිරීම
- වර්ෂා ජලය හා හිරු එළිය වගාවට උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනිමත්.
- රෝග හා පළිබෝධවලින් වගාව ආරක්ෂාකර ගැනීමත්ය
මහ කන්නයේදී පෙබරවාරි 15 සිට මාර්තු 15 හා යල කන්නයේදී අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 අතර කාල වකවානුව තුලදී අස්වනු නෙලාගත හැකිවන පරිදි වී ප්‍රභේදයේ වසය අනුව වගාව ආරම්භ කළයුතු කාලය තීරණය කරන්න.
මහ කන්නය සඳහා සුදුසු වගා කාලය
| වැඩි වයස් වී | මාස 4 වී ප්‍රභේද | බිම් සැකසීම සැප්. 25 සිට ඔක්. 15 අතරදී | වැපිරීම ඔක්. මැදදී (ඔක්. 15 - 30 අතරදී) | පැල සිටුවීම නොවැ. මුලදී (නො. 01 - 15 අතරදී) | මාස් කන්නයේ අස්වනු නෙලීම පෙබරවාරි15 සිට මාර්තු 15 අතර කාලයේදී සිදුවිය යුතුය. |
| මාස 4 වී ප්‍රභේද | බිම් සැකසීම ඔක්. 10 - 30 අතරදී | වැපිරීම නොවැ. මුලදී (නොවැ. 01 - 15 අතරදී) | පැල සිටුවීම නොවැ. අගදි (නො. 15 - 30 අතරදී) | ||
| බාල වයස් වී | මාස 3 වී ප්‍රභේද | බිම් සැකසීම ඔක්. 25 සිට නොවැ. 15 අතරදී | වැපිරීම නොවැ. මැදදී (නොවැ. 15 - 30 අතරදී) | පැල සිටුවීම දෙසැ. මුලදී (දෙසැ. 01 - 15 අතරදී) | |
| මාස 3 වී ප්‍රභේද | බිම් සැකසීම නොවැ. 10 - 30 අතරදී | වැපිරීම දෙසැ. මුලදී (දෙසැ. 01 - 15 අතරදී) | පැල සිටුවීම දෙසැ. මුලදී (දෙසැ. 15 - 25 අතරදී) |
වියළි කලාපයේ මහ කන්නය තුළදී ඔබ විසින් වගා කිරීමට බලාපොරොත්තු වන වී ප්‍රභේදයේ වයස අනුව අදාල කාල පරිච්ජේදය තෝරා ගන්න.
යල කන්නය සඳහා සුදුසු වගා කාලය
| වැඩි වයස් වී | මාස 4 වී ප්‍රභේද | බිම් සැකසීම මාර්තු 25 සිට අප්‍රේල් 15 දක්වා | වැපිරීම අප්‍රේල් 15 සිට 30 දක්වා | පැල සිටුවීම අප්‍රේල් අගදි (අප්‍රේල් 30 සිට මැයි 15 අතරදී) | යල කන්නයේ අස්වනු නෙලීම අගෝස්තු 15 ත් සැප්තැම්බර් මස 15 ත් අතර කාලයේදී සිදුවිය යුතුය. |
| මාස 4 වී ප්‍රභේද | බිම් සැකසීම අප්‍රේල් 10 - 30 දක්වා | වැපිරීම අප්‍රේල් 30 සිට මැයි 15 දක්වා | පැල සිටුවීම මැයි අගදි (මැයි 15 - 30 අතරදී) | ||
| බාල වයස් වී | මාස 3 වී ප්‍රභේද | බිම් සැකසීම අප්‍රේල් 25 සිට මැයි 15 දක්වා | වැපිරීම මැයි 15 සිට 31 දක්වා | පැල සිටුවීම මැයි අගදි (මැයි 31 සිට ජුනි 15 අතරදී) | |
| මාස 3 වී ප්‍රභේද | බිම් සැකසීම මැයි 10 සිට මැයි 31 දක්වා | වැපිරීම මැයි 31 සිට ජුනි 15 දක්වා | පැල සිටුවීම ජුනි 15 -30 දක්වා |
එකම වයසේ කාණ්ඩයේ වී එකම යායේ වැපිරීම හා පැල සිටුවීම යන ආකාර දෙකටම වගා කරන්නේ නම් වී වැපිරීමට දින 07 -10 කට පෙර තවාන් වපුරා ගන්න.
යායේ හෝ ප්‍රදේශයේ ගොවීන් එකමුතුව වගා කිරීම
යායේ ගොවීන් එකමුතුව එකවර වගා කටයුතු කිරීමෙ විශේෂයෙන්ම වී වගාවට හානිකරන කෘමි හා රෝග හානි වලකා ගැනීමේ ප්‍රධාන මාර්ගයයි. එකම යායක හෝ ප්‍රදේශයක් තුළ පැල සිටුවීම, වැපිරීම, පැල ගොයම, පඳුරු දමන ගොයම, පුදිත ගොයම යනාදි විවිධ අවස්ථාවන් එකම කාල පරිච්ජේදයක් තුළ නොතිබීමට වගබලා ගත යුතුය. එනම් එකම යායේ හෝ ප්‍රදේශයේ පැල සිටුවීම හෝ වැපිරීම එකම කාල වකවානුවේදී අවසාන කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීම අතිශයින් වැදගත්ය.
ප්‍රමාද වී කෙරෙන වී වගාවන්හි
- කෘමි හා රෝග හානි වැඩිය.
- වර්ධනය බාලවී අස්වැන්න අඩුවේ
- අස්වනු නෙලන කාලයේදී වර්ෂාවෙන් හානි විය හැකිය
බිම් සකස් කිරීම
වී වගාව සඳහා බිම පිළියෙල කිරීමේදී පහත දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වේ.
- කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම
- සාර්ථක වල් පැලෑටි මර්දනය
- කාබනික හා අකාබනික පොහොර පසට මිශ්‍රවීම
- හොඳින් මුල් වර්ධනය සඳහා අවශ්‍ය තරම් ගැඹුරකට පස සකස් කිරීම
- වගාව ආරම්භ කිරීම සඳහා සුදුසු ආකාරයට පස මතුපිට සියුම්ව සකසා ගැනීම
- ජල පාලනය සාර්ථකව ඉටුකර ගැනීම
මඩට බිම් සැකසීමේදී පහතින් දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යෝග්‍ය වේ.
පළමු සී සෑම
(බිං නැගුම, පුරන් හීය)
පළමු සී සෑමේදී අඟල් 8 - 10 (සෙ. මී. 20 - 25) ක් පමණ ගැඹුරට පස බුරුල්වන සේ සී සෑම කළයුතුය. සිංහල ගැමි නගුල, යකඩ නගුල, මෝල්බොඩ් නගුල, තැටි නගුල මේ සඳහා භාවිතා කළහැකිය. උදළු මගින් ලියදි කෙටීමද (තාල් කෙටීම) ඉතා යෝග්‍යය. මේ අන්දමට සී සෑමෙන්, පොළොව යටින් ඇති තද ස්ථරය කැඩී යටි පස් මතු පිට පස සමග මිශ්‍රවීම නිසා පසේ සාරවත් භාවය වැඩි දියුණු වේ. පළමු සී සෑම සමග හෝ ඉන්පසුව කාබනික පොහොර ලෙස පිදුරු සහ කොළ පොහොර (වනාතේ කොළ අතු හෝ පිටතින් ගෙනා කොළ පොහොර) යෙදීම සිදුකළ යුතුවේ. මෙමගින් වී වගාවේ අස්වනු සැලකියයුතු මට්ටමකට වැඩිකර ගත හැකිය.
දෙවන සී සෑම
(මද හීය - මඩ හීය)
පළමු සී සෑම සිදුකර දින 10 - 14 කට පසු සිංහල ගැමි නගුල මගින් හෝ රොටවේටරය මගින් හෝ කොකු නගුල භාවිතාකර දෙවන සී සෑම හරස් අතට සිදු කරන්න. දිරාපත් වු කාබනික පොහොර (දිරාපත් වු පිදුරු, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කොළ පොහොර වෙනත් සත්ත්ව අපද්‍රව්‍ය) දෙහීයෙන් පසු කුඹුරට යෙදීම වඩාත් යෝග්‍ය වේ.
ගොම පොහොර, කුකුල් පොහොර, කොම්පෝස්ට් හෝ දිරාපත් වු වෙනත් කාබනික පොහොර දෙවන සී සෑමෙන් පසු කුඹුරට දමන්න.
නියර බැදීම
(මඩ තබා ඔප මට්ටම් කිරීම)
පළමු සී සෑමෙන් පසු ලියදිවල මුළු, උදැල්ලෙන් කොටා නියර බැදීම සිදුකල යුතුවේ. දෙවන සී සෑමෙන් පසු නියර මඩ තබාගැනීම යෝග්‍ය වේ. මේ මගින් ලියදිවල ජලය රඳවා තබාගැනීම හොඳින් සිදුවන අතර නියරවල වල් පැලෑටි පැලවීමද පාලනය කළ හැකිවේ.
මඩ කිරීම හා මට්ටම් කිරීම
(පෝරුගෑම)
පෝරු ගෑමේදී ලියදිවල හී කැට හොඳින් පොඩිවන සේත්, ගොඩැලි මට්ටම්වන සේත් පස හොඳින් මඩ කරගත යුතුවේ. ලියදි මඩ කිරීමෙන් පසු මතුපිට ඒකාකාරීව මට්ටම්වන ලෙස හොඳින් සමතලා කරන්න.
පෝරු ගෑමෙන් පසු ලියදිවල ජලය රැස්කර තබන්න. අවශ්‍ය වුවහොත් ගොවි පෝරුව භාවිතයෙන් මතුපිට සමතලා කිරීම තවදුරටත් සිදුකළ හැක. වී වැපරීමේදී සහ ඩැපොග් තවාන් පැල සිටුවීමේදී මෙලෙස මනාලෙස පස මට්ටම් කිරීම අතිශයින් වැදගත්ය.
ලියදිවල අධික ලෙස වල්පැල තිබේ නම් පළමු සී සෑමට ප්‍රථම රසායනික වල්නාශක භාවිතා කළ හැකිය.
නමුත් දෙකන්නයම වගාවෙන කුඹුරු සඳහා මෙලෙස රසායනික වල් නාශක යෙදීමේ විශේෂ අවශ්‍යතාවයක් උද්ගත නොවේ.
වියලි බිම් සකස් කිරීම
(ගොඩට සී සෑම)
වගා කන්නයේ පළමු වැසි වී ගොවිතැනට යොදා ගැනීමේ පරමාර්ථය මත සැහැල්ලු පස් ඇති (වැලි සහිත) කුඹුරුවල වියළි බිම් සැකසීම සිදු කළ හැකිය. ඉන්පසු කැකුලන් ක්‍රමයට වැපිරීම හෝ හොඳින් ජලය තිබේනම් මඩට වැපිරීම වුවද කළහැකිය.
කුඹුර හොඳින් සමතලා කළවිට ඒකාකාරීව ජලය බැඳීම පහසුවන අතර එමගින් වල් පැලෑටි පාලනයද පහසුවේ. රසායනික පොහොර ඒකාකාරීව කුඹුරේ විසුරුවා හැරීමටද එය උපකාරිවේ.
පිදුරු යෙදීම
බිම් සකස් කිරීමට පෙර පසුගිය කන්නයේ පිදුරු ලියදිවලට යෙදීම පසේ සාරවත්භාවය දියුණු කළ හැකි පහසුම ක්‍රමයකි. පිදුරු යෙදීම ඵලදායි ලෙස වී වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා නිර්දේශ කළ හැකි පිළිවෙතකි.
බිම් සකස් කිරීමට පෙර පිදුරු කුඹුරට යොදා දිරාපත්වීමට ඉඩ හරින්න. පළමු සී සෑමෙන් පසු එම පිදුරු ලියදි පුරා විසුරුවා හැර ජලය බැඳ, දෙවැනි සී සෑම පහසුවන පරිදි පිදුරු දිරාපත් වීමට ඉඩහරින්න.
පිදුරු යෙදීමේදී වෙනත් වී වර්ග මිශ්‍රවීමට ඇති ප්‍රවනතාවය වැඩිවන නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුය. පෙර කන්නයේ වගාකල වී වර්ගය මෙම කන්නයේ වගා කිරීමට බලාපොරොත්තුවන වී වර්ගයට වඩා වෙනස් නම් හෝ එම පිදුරුවල ඇති බීජ ප්‍රරෝහණයවීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී එම පැල පසට යටකර විනාශ කිරීමෙන් පසුව නව වගාව ආරම්භ කළ යුතුය.
අක්කර 1ක පිදුරු කුඹුරට යෙදීම සඳහා කම්කරු ඒකක දෙකක් පමණ අවශ්‍ය වේ.
ප්‍රභේදය තෝරා ගැනීම
වැඩි අස්වැන්නක් ලබා ගැනීමට මුලිකව බලපාන කරුණක් නම් සුදුසු ප්‍රභේදය (වී වර්ග) තෝරා ගැනීමයි. විවිධ වගා පාලන පාංශු හා දේශගුණික තත්වවලට ගැලපෙන වී ප්‍රභේද 36ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සඳහා නිර්දේශ කර තිබේ.
කුමන තත්ත්වයන් යටතේදී වුවද, මෙම නව දියුණු වී ප්‍රභේද මගින් පැරණි ප්‍රභේදවලට වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.
- නව දියුණු වර්ගවලට ප්‍රශස්ථ පාරිසරික හා වගා පාලන තත්ත්වයන් යටතේ ඉහළ අස්වනු දීමේ හැකියාවක් ඇත.
- එම ප්‍රභේද අතුරින් වැඩි වයස් කාණ්ඩයේ වී ප්‍රභේදවලට ( මාස 4 හෝ 4 ) බාල වයස් වී ප්‍රභේදවලට වඩා (මාස 3 හෝ 3 ) තරමක් අයහපත් පාරිසරික තත්ත්ව යටතේ වුවද වැඩි අස්වනු ලබාදීමේ හැකියාවක් ඇත.
- උසස් වගා පාලන තත්ත්ව ලබා දියහැකි නම් මාස 3 ප්‍රභේදවලින් ද අක්කරයට බුසල් 200 ක තරම්වු වැඩි අස්වැන්නක් ලබාගත හැකිබව ගොවින් විසින්ම පෙන්නුම්කර තිබේ.
- බාල වයස් වී ප්‍රභේද (මාස 3 හෝ 3 ) මගින් උසස් අස්වනු ලබාගැනීම සඳහා යහපත් පාරිසරික හා උසස් වගා පාලන තත්ත්වයන් පවත්වා ගෙන යා යුතුය.
වී වගාව
වර්තමානයේදී මුළු ලෝකය පුරාම ආහාර නිෂ්පාදනය, පවතින ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවන බව විද්‍යාමාන වේ. ඒ හේතුව නිසාම ලොව පුරාම හිඟයක් ඇතිවීමට ප්‍රවනතාවක් දක්නට ඇත. ජනගහනය වර්ධනය, කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම, දේශගුණ වෙනස්වීම යනාදී කරුණු සමස්ත ලෝකයේ ආහාර නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. තවද ඉන්ධන මිල ඉහළ යාමද සෘජුවම හෝ වක්‍රාකාරව කෘෂිබෝග, සත්ව පාලනය හා ධීවර නිෂ්පාදන ඇතුළු සියලූම කෘෂි නිෂ්පාදනයන් කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපා ඇත.
බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් ඇතැම් රටවල් ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වැනි රළු ධාන්‍ය විශාල වශයෙන් යොදාගැනීමට පෙළබී ඇති බව වාර්තා වේ. මෙම කරුණු සෘජුවම එවැනි ධාන්‍යවලට පමණක් නොව අනෙකුත් ධාන්‍යවල සැපයුම හා මිළ කෙරෙහිද බලපෑමක් ඇති කිරීමට හේතුවී ඇති බව සඳහන් කළ යුතු වේ. ජෛව ඉන්ධන සඳහා බඩඉරිඟු යොදාගන්නා විට ලෝක වෙළදපොලේ බඩඉරිඟුවල මිල ඉහළයාමක් අපේක්ෂා කළ හැකිය. මෙම කරුණු සත්ව ආහාරවල ඉහළ යාමටද, සත්ව නිෂ්පාදන ඉහළ යාමටද හේතුවේ. තවද සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වෙනුවට වෙනත් ධාන්‍ය යොදා ගැනීමට පෙළබිය හැකිය. මේ හේතුවෙන් එවැනි ධාන්‍යවල සැපයුම අඩු වී මිල ඉහළ යාම අපේක්ෂාකළ හැකිය. ශ්‍රී ලංකාවේදී ද මෙවැනි තත්ත්වයක් පසුගිය දිනවල වාර්තාවිය.
වසර 2006 තුලදී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයේ දායකත්වය 16.5% වූ අතර එයින් 30%ක් ම දායකත්වය ලැබුනේ වී වගා අංශයෙනි. දළ ජාතික නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම අංශයෙන් සැපයෙන දායකත්වය සාපේක්ෂ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇතත් වී වගා අංශයෙන් සැපයෙන දායකත්වය වසරින් වසර වැඩිවන ප්‍රවණතාවයක් ඇත.
දළ වශයෙන් ගොවි පවුල් 879,000 ක් වී වගාව මත යැපෙන අතර එය රටේ මුළු ජනගහනයෙන් 20%ක් මෙන්ම ජාතික රැකියා නියුක්තියෙන් 32% කි.
ශ්‍රී ලංකාව පුරා විහිදුනු හෙක්ටයාර 807,763 ක් පමණ අස්වැද්දූ ඉඩම් ප්‍රමාණයක් ඇති අතර මහ කන්නයේදී සාමාන්‍යයෙන් හෙක්ටයාර 524,803 ක් එනම් 64% බිම් ප්‍රමාණයක ද යල කන්නයේ හෙක්ටයාර 282,960 ක් එනම්, 35% බිම් ප්‍රමාණයක ද වී වගා කෙරේ. ඒ අනුව වාර්ෂික වගා ත්‍රීව්‍රතාවය 18%කි (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)
වසර 1980 සිට 1990 අග භාගය දක්වා දශක දෙකක් තුළ ස්ථාවර මට්ටමක තිබූ වී නිෂ්පාදනය හා අස්වැන්න පසුගිය වසර 10 තුළ නැවත වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්වා ඇත. 1995 වර්ෂයේදී හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 3.5 ක්වූ ජාතික සාමාන්‍ය අස්වැන්න 2007 වර්ෂය වන විට හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 4.3 ක් දක්වා වැඩිවී ඇත.
වී නිෂ්පාදනය වැඩි කිරීමට ඇති ගැටලු
ශ්‍රී ලංකාවේ වී අස්වැන්න හා නිෂ්පාදනය වැඩිකිරීමට බාධක වශයෙන් ඇති ගැටළු අතර සමාජ ආර්ථික, තාක්ෂණික, ආයතනික, ස්වභාවික සම්පත් හා වන ජීවීන් ආදී කරනු මූලික වේ.
සමාජ ආර්ථික හා ප්‍රතිපත්තිමය ගැටළු
ඉඩම් අයිතියේ ඇති විෂමතාවයන් විශේෂයෙන්ම දිගුකාලීන ලෙස පාංශු පෝෂක තත්ත්වයන් ඵලදායිතාවයත් ඉහළ නැංවීමට බාධාවක් ලෙස හඳුනාගෙන ඇත.
කම්කරුවන් හා යන්ත්‍ර හිගය
- මුළු වගා පිරිවැයෙන් කම්කරු කුලිය 50%කට වැඩිවේ. මෙයට විසදුම යාන්ත්‍රීකරණය වුවත් උචිත මට්ටමේ යන්ත්‍ර නොතිබීම ගැටළුවක් වේ. තෙත් කලාපයේ ගොවීන් වී වගාවෙන් ඇත්වීමට මෙය ප්‍රධාන ලෙස බලපා ඇත.
- නව තාක්ෂණයන්ට අනුවර්තනය නොවීම
- අඩු ආදායම් ලාභි ගොවීන් නව තාක්ෂණයන්ට යොමුවීම මන්දගාමී වේ.
- වී වගා නොකර අත් හැරීම
යටිතල පහසුකම් දුර්වල වීම
වාරි පහසුකම් හා ජලවහන දුර්වල වීම ගැටළුවක් ලෙස හඳුනාගෙන ඇත.
තාක්ෂණික කරුණු
තාක්ෂණික කරුණු යටතේ ඵලදායිතාවය අඩුවීම ප්‍රධාන වශයෙන් හේතුවන කරුණු කිහිපයක් හඳුනාගෙන ඇත.
- අපේක්ෂිත පරිදි නව ප්‍රභේද ගොවීන් අතර ප්‍රචලිත නොවීම
- ගුණාත්මක බිත්තර වී වල භාවිතය අඩු වීම
බිත්තර වී නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස සිදුවුවහොත් බෙදාහැරීමේ ගැටළුව ප්‍රධාව වශයෙන් ගොවීන් භාවිතා කරන බීජවල අඩු ගුණාත්මයට බලපා ඇත. - ඉඩම්වල ඵලදායිතාවය අඩුවීම
කාබනික පොහොර භාවිතා නොකිරීම, දුර්වල ජල වහනය, සමහර පළාත්වල ජල හිඟය, ලවණතාවය වැඩිවීම වැනි හේතුන් නිසා ඉඩම්වල ඵලදායිතාවය අඩුවී ඇත.
- ගොවීන් හා ආයතන අතර සම්බන්ධතාවය දුර්වලවීම
- ස්වභාවික සම්පත් සම්බන්ධ ගැටළු
- වන සතුන්ගෙන් වන හානිය
පෝෂණය
සහල් සහ මුං ඇට ග්‍රෑම් 100ක අඩංගු පෝෂණය
| පෝෂණය | සහල් | මුං ඇට |
| කිලෝ කැලරි | 352 | 341 |
| ප්‍රෝටීන් ග්‍රෑම් | 7.0 | 22.9 |
| ලයිසීන් මිලි ග්‍රෑම් | 281 | 2145 |
| මෙතියොනීන් මිලි ග්‍රෑම් | 156 | 458 |
| සිස්ටීන් මිලි ග්‍රෑම් | 72 | 113 |
| ෆනයිල් ඇලතීන් මිලි ග්‍රෑම් | 362 | 1259 |
| ට්‍රයෝසීන් මිලි ග්‍රෑම් | 184 | 556 |
| අත්‍යාවශ්‍ය ඇමිනේ අම්ල මුළු ප්‍රමාණය මිලි ග්‍රෑම් | 2613 | 9324 |
| ප්‍රභේදය | නිර්දේශ කල වර්ෂය | වයස (දින) | සහලේ වර්ණය හා හැඩය | රෝග හා පළිබෝධ වලට දක්වන ප්‍රතිචාරය | වෙනත් ලක්ෂණ |
| Bg 3 - 5 | 1973 | 150 - 180 | සුදු දිග | බැක්ටීරියා කොළ අංගමාරයට ප්‍රතිරෝධී | ප්‍රභා සංවේදී |
| Bg 407 | 1981 | 150 - 180 | සුදු දිග | කොළ පාවවට ප්‍රතිරෝධී | ප්‍රභා සංවේදී |
| Bg 745 | 1981 | 150 - 180 | සුදු සම්බා | ප්‍රභා සංවේදී | |
| Bg 38 | 1981 | 150 - 180 | සුදු සම්බා | ප්‍රභා සංවේදී |
පළිබෝධ පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන උපක්‍රම අනුගමනය කිරීම වඩා සාර්ථක ක්‍රමයයි. පළිබෝධ පාලනය සඳහා හැකිතාක් දුරට රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටින්න. වී වගා පරිසරයේ සිටින හිතකර සතුන්හට, වී වගාවට හානිකරන කෘමින් පාලනය කිරිමට ඉඩ දිය යුතු වේ. මේ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
ප්‍රධාන කෘමි හානි
පැල මැක්කා
කන්නය ප්‍රමාද වී වගාකළ කුඹුරුවල දැකිය හැකිය. ප්‍රධාන හානිය ලෙස පැල ගොයමේ වර්ධනය බාලවී ගොයම් ගස් කුරුවී ඇතිවාක්මෙන් දිස්වේ. යාය එකට වගා කිරීමේන් මෙම හානියෙන් වැලකිය හැකිය
ප්‍රමාදවී වගාව ආරම්භකරන අවස්ථාවලදී ඉම්ඩක්ලෝප්‍රිඩ් කෘමිනාශකය, බීජ පැල කරගැනීම සඳහා යහන් කරන අවස්ථාවේදී බීජ සමග මිශ්‍ර කරන්න.
හානිය සහිත වගාවට යෙදිය හැකි කෘමිනාශක වර්ග වන්නේ ඉම්ඩක‍්ලෝප්‍රිඩ්, තයක්ලෝප්‍රීඩ්, ෆිප් රොනිල්, කාබොසල්ෆාන්, ඩයිමෙතොඒට්, ෆෙන්තියෝන් ඩයසිනෝන්, කාබරිල්, ක්විනල්පොස් ආදියයි
කොළ හකුළන දළඹුවා
ගොවීන් විසින් වැඩිපුරම හානියක් ලෙස වාර්තා කරන කෘමි හානිය මෙයයි. සෙවන සහිත ස්ථානවල වැඩිපුර දැකිය හැකිය. මෙම ස්ථානවලට පමණක් කෘමිනාශක යොදන්න. යූරියා වැඩිපුර යෙදීම සුදුසු නැත.
නිර්දේශිත කෘමිනාශක - ක්ලෝරොපයිරීෆොස්, පෙන්තියොන්, ක්ලෝර්ෆුලූවසුරෝන්, ඇසඩ්රුක්ටීන් මෙතොක්සිෆීනොසයිඩ්, ටෙබුෆෙනොසයිඩ්, ෆිප් රොනිල්
දුඹුරු පැල කීඩෑවා
වී වගාවේ වසංගත තත්ත්වයක් ඇතිවන අන්දමේ වැඩිම හානියක් සිදුකරන කෘමියෙකි. වගාව තීරුවලට බෙදා වගාව තුළට හිරුඑළිය වැටීමට, සැලැස්වීමද, කුඹුරේ ජලය කපා හැරීමද මෙම හානිය පාලනය කිරීමට අනුගමනය කළහැකි ක්‍රියාවන්ය. බී.ජී 379-2, බී.ජී 300, බී.ජී 403, බී.ජී 304, බී.ජී 357, බී.ජී 358 වැනි බොහොමයක් ප්‍රභේද දුඹුරු පැහැ කීඩෑ හානියට මධ්‍යස්ථව ඔරොත්තු දේ.
පඳුරු දමන අවධියේදී එක් පඳුරක කීඩෑවන් 5-8 කට වඩා සීටී නම් හෝ මේරූ පඳුරක නම් එක් පඳුරක නම් එක් පඳුරක කීඩෑවන් 8-10 පමණ සිටී නම් එම ස්ථානවලට පමණක් පහත සඳහන් එක් කෘමිනාශකයක් යෙදිය හැක
දුඹුරු පැල කීඩෑ හානිය පාලනය සඳහා නිර්දේශීත කෘමිනාශක
පුරුක් පණුවා
මළ හදවත හා සුදු කරල් ඇතිවීම පුරුක් පනු හානි නිසා ඇතිවේ. ගොයම් පැළ අවස්ථාවේදී හානිවු විට අමතර රිකිලි සෑදේ. සළබයින්ගේ ගහණය අධික අවස්ථාවලදී දියර කෘමිනාශක යෙදීමෙන් පිටත යෙදීමෙන් පිටත සිටින සලබයින් සහ කීටයන් මර්දනය වේ. කඳ තුළ සිටින කීටයන් මර්දනයට සංස්ථානික කෘමි නාශකයක් භාවිතා කළයුතු වේ.
නිර්දේශිත කෘමි නාශක - කාබොෆියුරාන් 3% කැට ෆිප් රොනිල් 3% කැට, ඩයිසිනෝන් 5% කැට, ක්ලෝරෝපයිරෝෆෝස්, පෙන්තොඒට්, ක්විනල්පොස්, කාබොසල්ෆාන්
ගොයම් මැස්සා
මල් පිපෙන අවදියේ සිට කිරි වදින අවදිය දක්වා කරල්වලට හානිකරයි. වනාත නියර හොඳින් ශුද්ධ කිරීමත්, වල් පැලෑටි කපා ඉවත් කිරීමත්, කන්නයට හා යාය එකමුතුව වගා කිරීමත් හානිය වැලැක්වීමේ පහසු ක්‍රමවේ.
නිර්දේශිත කෘමි නාශක - කාබොසල්ෆාන්, පෙන්තොඒට්, ක්විනල්පොස්, ඩයිසිනෝන්, ෆෙන්තියෝන්
ගොක් මැස්සා
රිදී ගොබ ඇති වේ. හැම කන්නයකදීම පහේ හානිය දක්නට ලැබේ නම් තවානට කැට කෘමිනාශකයක් යොදන්න. හානියට ඔරොත්තු දෙ වී ප්‍රහේද වගා කිරීම කිරීමෙන් හානිය පහසුවෙන් වලක්වා ගතහැකිය.
බී.ජී. 304, බී.ජී. 357, බී.ජී. 358, ගොක් මැස්සාගේ මාදිලි 1 හා 2 ට ම ඔරොත්තු දේ.
නිර්දේශිත කෘමි නාශක, කාබොෆියුරාන් 3% කැට හෝ ඩයිසිනෝන් 5% කැට හෝ බෙන්ෆියුරකාබ් 3%, කැට අක්. 1ට කි.ග්‍රෑ. 7 - 8 ක් ෆිප් රොනිල් කැට අක්කරයට කි. ග්‍රෑ. 4- 5
ප්‍රධාන රෝග
කොළ පාළුව
භෝගයේ ඕනෑම අවස්ථාවක වැළඳිය හැකි රෝගයකි. රෝගකාරක දිලීරය මගින් පත්‍ර කදේ ගැට, වී කරලේ පාදස්ථය (ගෙල) හා වී කරලේ විවිධ කොටස් හෝ වී ඇට වෙත හානි පැමිණවිය හැකිය. ගොඩ තවාන්වල වැඩෙන ගොයම් පැලවලටද පහසුවෙන් රෝගය වැළඳීමට ඉඩ තිබේ.
දිලීරය මගින් හානි වු ශාකයේ විවිධ කොටස් මත අළු පැහැති ලප ඇතිකරයි. මෙම ලප සිහින් පත් ලෙස දිස් වී ක්‍රමයෙන් විශාල ඇසක හැඩය ඇතිවන සේ දෙකෙලවර සිහින්ය. එය පත්‍ර මත ඇති වු විට පත්‍ර කොළ පාළුව ලෙස හැඳින්වේ. කරලේ ගෙල දීලිරයේ මගින් හානි වු විට එම ස්ථාන කළු පැහැවී කඩා වැටේ. මෙය ගෙල කුණුවීම නම් වේ.
අධික ආර්ද්‍රතාවය, නිතිපතා ලැබෙන වර්ෂාව, අඳුරු හා සීතල කාලගුණයක් සහිතවීම උදෑසන හා රාත්‍රි කාලවලදී පිණි සහිතවීම හා රෝග පාත්‍රි ප්‍රභේද වගා කිරීමේ රෝගයේ පැතිරවීමට හිතරකර වේ. වැඩි පැළ ඝනත්වය හා අධික ලෙස නයිට්‍රජන් පොහොර යෙදීමද රෝගය පැතිරවීමට හේතු වේ.
රෝග පාලනය සඳහා ඔරොත්තු දෙන වී ප්‍රභේද භාවිතා කරන්න. මේ සඳහා බී.ජී. 403, බී.ජී. 379-2, බී.ඩබ්. 267-3, බී.ජී. 352, බී.ජී. 357, බී.ජී. 358, බී.ජී. 300, බී.ජී. 304 වන ප්‍රභේද සුදුසු වේ.
නිර්දේශීත දිලීර නාශක
එඩිෆෙන්පෝස් (හිනොසාන්)
කසුගමයිසින් (කසුමින්)
ටෙබුකොනසෝල් (පොලිකර්)
කාබන්ඩසිම් (බැව්සටන්)
අයිසෝප්‍රොතියොලේන් (පියුජිඕන්)
කොපු අංගමාරය
ගොයම් ගසේ උපරිම පඳුරු දැමීමේ අවස්ථාවට පසු ගසෙහි කඳ ආවරණය වී ඇති පත්‍ර කොපුවලට මෙම රෝගය වැළදේ. හිතකර පරිසර තත්වලදී පත්‍ර තලය දක්වා මෙය පැතිරී යයි. පත්‍ර කොපු මත ඕවලාකාර හෝ ඉල්ප්සාකාර හැඩයෙන් යුත් අළු පැහැති පුල්ලි ජල මට්ටමට ආසන්නයේ වී ශාකයේ කඳ මත හටගනී, මෙම පුල්ලි කල් ගතවත්ම එකිනෙකට සම්බන්ධ වී අළු පිදුරු පැහැයකට හැරේ.
අධික උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය සහිත අඳුරු කාලගුණික තත්ව යටතේ දී රෝග කාරක දිලීරය ගොයම් ගස්මත වේගයෙන් වර්ධනය වේ. අධික වශයෙන් නයිට්‍රජන් පොහොර යෙදීම. වැඩි පැළ ඝනත්වයක් පැවතීම හා අධික වල් පැලෑටි ගහනය මෙම රෝගය පැතිරවීමට හේතුන් වේ.
රෝගී පාලනය
ගෙන්සකොන්සෝල් 5% EC (ඉරේෂර්, කොන්ටෙෆ්
ප්‍රොපිකොන්සෝල් 25% (බම්පර්, ටිල්ට්)
පෙන්සිකියුරෝන් 25% (මොන්සරින්)
අස්වැන්න නෙලීම හා සකසා ගැනීම
අස්වනු නෙලීමේ සිට ඇසිරීම දක්වා කරුණු හරියාකාරව අනුගමනය නොකිරීම නිසා අස්වැන්නෙන් 10% - 15% පමණ හානි වියහැකිය. මේ හානිය අවම කිරීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කීපයක් පහතින් සඳහන් කර ඇත.
- වගාව කන්නයට අනුවම ආරම්භ කරන්න
- යායක් තුළ හැකිතාක් දුරට වගා කටයුතු සති දෙකක්වත් ඇතුළත නිමකරන්න
- ඔබ වගාකරන ප්‍රදේශයේ වැළදෙන රෝග හා කෘමි හානිවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා වගා කරන්න
- වගාවේ නියමිත පැල ගහණය පවත්වා ගන්න
- සමතුලිත පොහොර භාවිතා කරන්න
- වගාව ආශ්‍රිතව හා වගාව තුළ වල් පැලෑටි නිසියාකාරව මර්දනය කරන්න
- කුඹුරේ ජලය මැනවින් පාලනය කරන්න
- සතිපතා ඔබගේ කුඹුරේ තැනින් තැන වී පඳුරු පරීක්ෂා කරන්න. විශේෂයෙන් ගොයම පඳුරු දමන අවධියේදී සිට කරල් පීදෙන කාලය තුළ මෙසේ ගොයම පරීක්ෂා කිරීම වැදගත්ය.
ප්‍රධාන කෘමි හානි
පැල මැක්කා
කන්නය ප්‍රමාද වී වගාකළ කුඹුරුවල දැකිය හැකිය. ප්‍රධාන හානිය ලෙස පැල ගොයමේ වර්ධනය බාලවී ගොයම් ගස් කුරුවී ඇතිවාක්මෙන් දිස්වේ. යාය එකට වගා කිරීමේන් මෙම හානියෙන් වැලකිය හැකිය
ප්‍රමාදවී වගාව ආරම්භකරන අවස්ථාවලදී ඉම්ඩක්ලෝප්‍රිඩ් කෘමිනාශකය, බීජ පැල කරගැනීම සඳහා යහන් කරන අවස්ථාවේදී බීජ සමග මිශ්‍ර කරන්න.
හානිය සහිත වගාවට යෙදිය හැකි කෘමිනාශක වර්ග වන්නේ ඉම්ඩක‍්ලෝප්‍රිඩ්, තයක්ලෝප්‍රීඩ්, ෆිප් රොනිල්, කාබොසල්ෆාන්, ඩයිමෙතොඒට්, ෆෙන්තියෝන් ඩයසිනෝන්, කාබරිල්, ක්විනල්පොස් ආදියයි
කොළ හකුළන දළඹුවා
ගොවීන් විසින් වැඩිපුරම හානියක් ලෙස වාර්තා කරන කෘමි හානිය මෙයයි. සෙවන සහිත ස්ථානවල වැඩිපුර දැකිය හැකිය. මෙම ස්ථානවලට පමණක් කෘමිනාශක යොදන්න. යූරියා වැඩිපුර යෙදීම සුදුසු නැත.
නිර්දේශිත කෘමිනාශක - ක්ලෝරොපයිරීෆොස්, පෙන්තියොන්, ක්ලෝර්ෆුලූවසුරෝන්, ඇසඩ්රුක්ටීන් මෙතොක්සිෆීනොසයිඩ්, ටෙබුෆෙනොසයිඩ්, ෆිප් රොනිල්
දුඹුරු පැල කීඩෑවා
වී වගාවේ වසංගත තත්ත්වයක් ඇතිවන අන්දමේ වැඩිම හානියක් සිදුකරන කෘමියෙකි. වගාව තීරුවලට බෙදා වගාව තුළට හිරුඑළිය වැටීමට, සැලැස්වීමද, කුඹුරේ ජලය කපා හැරීමද මෙම හානිය පාලනය කිරීමට අනුගමනය කළහැකි ක්‍රියාවන්ය. බී.ජී 379-2, බී.ජී 300, බී.ජී 403, බී.ජී 304, බී.ජී 357, බී.ජී 358 වැනි බොහොමයක් ප්‍රභේද දුඹුරු පැහැ කීඩෑ හානියට මධ්‍යස්ථව ඔරොත්තු දේ.
පඳුරු දමන අවධියේදී එක් පඳුරක කීඩෑවන් 5-8 කට වඩා සීටී නම් හෝ මේරූ පඳුරක නම් එක් පඳුරක නම් එක් පඳුරක කීඩෑවන් 8-10 පමණ සිටී නම් එම ස්ථානවලට පමණක් පහත සඳහන් එක් කෘමිනාශකයක් යෙදිය හැක
දුඹුරු පැල කීඩෑ හානිය පාලනය සඳහා නිර්දේශීත කෘමිනාශක
| කෘමි නාශකය | වෙළඳ නම් | අක්කරයකට යෙදිය යුතු ප්‍රමාණය |
| බියුප් රෝෆෙසින් 10% WP | ඇප්ලෝඩ් 10. WP | ග්‍රෑම් 100 |
| ඉම්ඩක්ලෝප්‍රිඩ් 200g/ISL | ඇඩ්මයර් S. L. 200 | මිලි ලීටර් 75 |
| ෆිප් රොනිල් 50g/I SC | රිජන්ට්, රිජන්ට් 50SC | මිලි ලීටර් 200 |
| ඇසිටම්ප්‍රිඩ් 20% SP | මොස්පිලාන් | ග්‍රෑම් 300 |
| එතොෆෙන්ප්‍රොක්ස් 100g / I EC | ට්‍රෙබෝන් 10EC | මිලි ලීටර් 200 |
| කාබොසල්ෆාන් 200g/IEC/SC | මාර්ෂල් 20SC | මිලි ලීටර් 400 |
| කාබොෆියුරාන් 3% GR | ෆියුරඩාන් 3G, ෆින්කෙට් කාබොෆියුරාන්, හාෆඩෑන්, මැක්වුඩ්ස් කාබොෆියුරාන්, යුරේකා, විනුෆූර්, පොලොරාන් බවර්ස්, කාබොෆියුරාන් 3G , වික්ටර් 300, කුරේටර් | කි. ග්‍රෑ. 7 - 8 |
| ප්‍රොපොක්සර් 200g/IEC | උන්ඩේන් EC 20% | මිලි ලීටර් 400 |
| ෆෙනොබියුකාබ් 500g/IEC | ෆින්කෙම්, B.P.M.C.මැක්කාබ් මොරිකාබ්, යුනපවර් B.P.M.C. බේකාබ් B.P.M.C. 50 EC, බාසා 50 විටාග්‍රෝ 50EC, හේලීස් ඇග්‍රොකෙයාර් BPMC EC50% | මිලි ලීටර් 600 |
පුරුක් පණුවා
මළ හදවත හා සුදු කරල් ඇතිවීම පුරුක් පනු හානි නිසා ඇතිවේ. ගොයම් පැළ අවස්ථාවේදී හානිවු විට අමතර රිකිලි සෑදේ. සළබයින්ගේ ගහණය අධික අවස්ථාවලදී දියර කෘමිනාශක යෙදීමෙන් පිටත යෙදීමෙන් පිටත සිටින සලබයින් සහ කීටයන් මර්දනය වේ. කඳ තුළ සිටින කීටයන් මර්දනයට සංස්ථානික කෘමි නාශකයක් භාවිතා කළයුතු වේ.
නිර්දේශිත කෘමි නාශක - කාබොෆියුරාන් 3% කැට ෆිප් රොනිල් 3% කැට, ඩයිසිනෝන් 5% කැට, ක්ලෝරෝපයිරෝෆෝස්, පෙන්තොඒට්, ක්විනල්පොස්, කාබොසල්ෆාන්
ගොයම් මැස්සා
මල් පිපෙන අවදියේ සිට කිරි වදින අවදිය දක්වා කරල්වලට හානිකරයි. වනාත නියර හොඳින් ශුද්ධ කිරීමත්, වල් පැලෑටි කපා ඉවත් කිරීමත්, කන්නයට හා යාය එකමුතුව වගා කිරීමත් හානිය වැලැක්වීමේ පහසු ක්‍රමවේ.
නිර්දේශිත කෘමි නාශක - කාබොසල්ෆාන්, පෙන්තොඒට්, ක්විනල්පොස්, ඩයිසිනෝන්, ෆෙන්තියෝන්
ගොක් මැස්සා
රිදී ගොබ ඇති වේ. හැම කන්නයකදීම පහේ හානිය දක්නට ලැබේ නම් තවානට කැට කෘමිනාශකයක් යොදන්න. හානියට ඔරොත්තු දෙ වී ප්‍රහේද වගා කිරීම කිරීමෙන් හානිය පහසුවෙන් වලක්වා ගතහැකිය.
බී.ජී. 304, බී.ජී. 357, බී.ජී. 358, ගොක් මැස්සාගේ මාදිලි 1 හා 2 ට ම ඔරොත්තු දේ.
නිර්දේශිත කෘමි නාශක, කාබොෆියුරාන් 3% කැට හෝ ඩයිසිනෝන් 5% කැට හෝ බෙන්ෆියුරකාබ් 3%, කැට අක්. 1ට කි.ග්‍රෑ. 7 - 8 ක් ෆිප් රොනිල් කැට අක්කරයට කි. ග්‍රෑ. 4- 5
ප්‍රධාන රෝග
කොළ පාළුව
භෝගයේ ඕනෑම අවස්ථාවක වැළඳිය හැකි රෝගයකි. රෝගකාරක දිලීරය මගින් පත්‍ර කදේ ගැට, වී කරලේ පාදස්ථය (ගෙල) හා වී කරලේ විවිධ කොටස් හෝ වී ඇට වෙත හානි පැමිණවිය හැකිය. ගොඩ තවාන්වල වැඩෙන ගොයම් පැලවලටද පහසුවෙන් රෝගය වැළඳීමට ඉඩ තිබේ.
දිලීරය මගින් හානි වු ශාකයේ විවිධ කොටස් මත අළු පැහැති ලප ඇතිකරයි. මෙම ලප සිහින් පත් ලෙස දිස් වී ක්‍රමයෙන් විශාල ඇසක හැඩය ඇතිවන සේ දෙකෙලවර සිහින්ය. එය පත්‍ර මත ඇති වු විට පත්‍ර කොළ පාළුව ලෙස හැඳින්වේ. කරලේ ගෙල දීලිරයේ මගින් හානි වු විට එම ස්ථාන කළු පැහැවී කඩා වැටේ. මෙය ගෙල කුණුවීම නම් වේ.
අධික ආර්ද්‍රතාවය, නිතිපතා ලැබෙන වර්ෂාව, අඳුරු හා සීතල කාලගුණයක් සහිතවීම උදෑසන හා රාත්‍රි කාලවලදී පිණි සහිතවීම හා රෝග පාත්‍රි ප්‍රභේද වගා කිරීමේ රෝගයේ පැතිරවීමට හිතරකර වේ. වැඩි පැළ ඝනත්වය හා අධික ලෙස නයිට්‍රජන් පොහොර යෙදීමද රෝගය පැතිරවීමට හේතු වේ.
රෝග පාලනය සඳහා ඔරොත්තු දෙන වී ප්‍රභේද භාවිතා කරන්න. මේ සඳහා බී.ජී. 403, බී.ජී. 379-2, බී.ඩබ්. 267-3, බී.ජී. 352, බී.ජී. 357, බී.ජී. 358, බී.ජී. 300, බී.ජී. 304 වන ප්‍රභේද සුදුසු වේ.
නිර්දේශීත දිලීර නාශක
එඩිෆෙන්පෝස් (හිනොසාන්)
කසුගමයිසින් (කසුමින්)
ටෙබුකොනසෝල් (පොලිකර්)
කාබන්ඩසිම් (බැව්සටන්)
අයිසෝප්‍රොතියොලේන් (පියුජිඕන්)
කොපු අංගමාරය
ගොයම් ගසේ උපරිම පඳුරු දැමීමේ අවස්ථාවට පසු ගසෙහි කඳ ආවරණය වී ඇති පත්‍ර කොපුවලට මෙම රෝගය වැළදේ. හිතකර පරිසර තත්වලදී පත්‍ර තලය දක්වා මෙය පැතිරී යයි. පත්‍ර කොපු මත ඕවලාකාර හෝ ඉල්ප්සාකාර හැඩයෙන් යුත් අළු පැහැති පුල්ලි ජල මට්ටමට ආසන්නයේ වී ශාකයේ කඳ මත හටගනී, මෙම පුල්ලි කල් ගතවත්ම එකිනෙකට සම්බන්ධ වී අළු පිදුරු පැහැයකට හැරේ.
අධික උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය සහිත අඳුරු කාලගුණික තත්ව යටතේ දී රෝග කාරක දිලීරය ගොයම් ගස්මත වේගයෙන් වර්ධනය වේ. අධික වශයෙන් නයිට්‍රජන් පොහොර යෙදීම. වැඩි පැළ ඝනත්වයක් පැවතීම හා අධික වල් පැලෑටි ගහනය මෙම රෝගය පැතිරවීමට හේතුන් වේ.
රෝගී පාලනය
- නිවැරදි පැළ ගහණයකි ක්ෂේත්‍රයේ පවත්වා ගෙන යෑම
- සමබර පොහොර මිශ්‍රණ යෙදීම
- යුරියා පොහොර වැඩිපුර නොයෙදීම
ගෙන්සකොන්සෝල් 5% EC (ඉරේෂර්, කොන්ටෙෆ්
ප්‍රොපිකොන්සෝල් 25% (බම්පර්, ටිල්ට්)
පෙන්සිකියුරෝන් 25% (මොන්සරින්)
අස්වැන්න නෙලීම හා සකසා ගැනීම
අස්වනු නෙලීමේ සිට ඇසිරීම දක්වා කරුණු හරියාකාරව අනුගමනය නොකිරීම නිසා අස්වැන්නෙන් 10% - 15% පමණ හානි වියහැකිය. මේ හානිය අවම කිරීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කීපයක් පහතින් සඳහන් කර ඇත.
- කපාගත් ගොයම් මිටි බැඳීම පොලිතින් හෝ ගෝනි උරයක් මත සිදු කරන්න
- හැකි සැමවිටම කොළ මඩින යන්ත්‍රයක් භාවිතා කරන්න. ට්‍රැක්ටර් මගින් පාගනවිට අධික වේගයෙන් පෑගිම සිදු නොකරන්න.
- හැකි සැමවිටම කොළ මඩින යන්ත්‍රයක් භාවිතා කරන්න. ට්‍රැක්ටර් මගින් පාගනවිට අධික වේගයෙන් පැගීම සිදු නොකරන්න.
- පෑගීම සඳහා හැමවිටම පඩංගු හෝ මාගල් භාවිතා කරන්න. පරණ පොහොර මලු මසා සාදාගත් අතුරුනුවක් හෝ වෙළඳ පොළෙන් මිලට ගත් එවැනි ඇතිරිල්ලක් හෝ ගෝනි පඩංගු හෝ මත තබා කොළ මැඩීමෙන් ගල් වැලි රහිත උසස් ගුණාත්මයේ වී ලබාගත හැකිය.
- හැකි සෑම අවස්ථාවකදීම වියළි කාලගුණයක් පවතින අවස්ථාවක අස්වනු නෙලීම හා බීජ වෙන්කර ගැනීම සිදුකරන්න. අස්වනු නෙලන අවස්ථාවේදී වර්ෂාවට හසුවුවහොත් බීජ දුර්වර්ණවීමට ඉඩ තිබේ.
- පිරිසිදු ඇසුරුම් මළු වී ගබඩා කිරීම සඳහා භාවිතා කරන්න.
- නෙලාගත් අස්වැන්න ඇසිරීමට පෙර කිහිපවරක් හොඳින් වියලා පිරිසිදු කරගන්න. තෙතමනය 12% - 13% දක්වා අඩුවනතෙක් වියළීම කළයුතු වේ. මේ අන්දමට වියළි ඇති විට දත්වලින් හැපුවිට ටකස් ගා වී ඇටය දෙකට කැඩේ.
- හොඳින් වාතාශ්‍රය පවතින පිරිසිදු වියළි ස්ථානයක වී ගබඩාකර තබන්න. මෙම ස්ථානය මීයන්, කෘමින් හෝ වෙනත් හානිකර සතුන්ගෙන් තොරව තබාගැනීමට පියවර ගන්න.
| Page 01 | Page 02 | Page 03 | Page 04 |
| Page 05 | Page 06 | Page 07 | Page 08 |
| Page 09 | Page 10 | Page 11 | Page 12 |
| Page 13 | Page 14 | Page 15 |
| Page 16 | Page 17 | Page 18 |
| Page 20 | Page 21 | Page 22 |
| Page 23 | Page 24 | Page 25 |
| Page 26 | Page 27 | Page 28 |
| Page 30 | Page 31 | Page 32 |
| Page 33 | Page 34 | Page 35 |
| Page 36 | Page 37 | Page 38 |
| Page 39 | Page 40 | Page 41 |
| Page 42 | Page 43 | Page 44 |