Posted by : shifter Tuesday, August 6, 2013



රාබු

රැෆනුස් සැටයිවස්
Raphanus sativus
කුලය - බ්‍රසිකේසි

ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි දේශගුණික කලාපවල රාබු වගාකළ හැකිය. හොදින් ජලය බැසයන, පී. එච්. අගය 6.0 - 7.5 අතර වු පසක් වගාව සදහා වඩා සුදුසුය.

නිර්දේශිත ප්‍රභේද
ජපන් බෝල

සුදු පැහැති රවුම් අල නිපදවයි. පත්‍ර කණ්ඩිකාවලට බෙදී ඇති අතර මැද නාරටිය ප්‍රදේශයේ බූව සහිතය. දින 45 - 55 දී අස්වැන්න නෙලාගත හැකිය. මැද හා උඩරට ප්‍රදේශවල වඩා සුදුසුය.

බීරළු
සුදුපැහැති තර්කු හැඩති අල හටගනී. පත්‍ර බෙදී හෝ බුව සහිත ස්වභාවයක් හෝ නැත. දින 45 - 50 දී අස්වැන්න නෙලාගත හැකිය. පහතරට ප්‍රදේශ සදහා වඩා සුදුසුය.

මෙයට අමතරව "රෙඩ් රැඩිෂ්" නමින් බොහෝවිට හදුන්වනු ලබන සලාද රාබු වර්ගයද උඩරට ප්‍රදේශවල ගොවීන් අතර ජනප්‍රියය. දින 35 - 45 දී අස්වනු නෙලාගත හැකි මෙම ප්‍රභේදයේ "ඇට බෝල" ප්‍රමාණයේ රතුපැහැති අල හටගනී. පිසීමකින් තොරව සලාද ආකාරයට අහාරයට ගත හැකිය.

බිම් සැකසීම
සෙන්ටි මීටර් 30 - 40 පමණ ගැඹුරට පස පෙරළා හොදින් කැට පොඩිකර ගන්න. උස් පාත්ති සකසා කාබනික පොහොර පස සමග කළවම් කරගන්න.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කලෝ ග්‍රෑම් 5 කි.

පරතරය
පේලි අතර සෙන්ටි මීටර් 25 - 30 හා පැල අතර සෙන්ටි මීටර් 10 කි.
සලාද රාබු සදහා සෙන්ටි මීටර් 20 x 50 කි.

සිටුවීම
බීජ සිටුවිය යුත්තේ පේලි දිගේය. බීජ පැලවී සතියක් පමණ ගතවු පසුව වැඩි පැල උදුරා දමන්න. මල් හට ගැනීම වලක්වා ගැනීම සදහා උඩරට ප්‍රදේශවල රාබු වගා කළ යුත්තේ මාර්තු - මැයි සහ අගෝස්තු - ඔක්තෝබර් කාලවලදීය.

පොහොර යෙදීම
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර8511065
සති 3 දී85-65

ජල සම්පාදනය
මුල් දින 4 - 5 දී දිනපතා ද ඉන්පසුව සෑම දින 3 - 4 වරක් බැගින්ද ජලය සපයන්න.

වල් පැල පාලනය
එක් වරක් අතින් වල් ගැලවීම ප්‍රමාණවත්ය. උඩරට ප්‍රදේශවල සති 4 දී ද වෙනත් ප්‍රදේශවල සති 2 දී පමණද වල් ගලවා දමන්න.

කෘමි පාලනය
පත්‍ර කන දළඹු වර්ග නිසා දරුණු හානියක් පවතින විට නිර්දේශිත කෘමි නාශකයක් යොදන්න.

පත්‍ර කනින්නා
ග්‍රීස් තැවරූ කහ පැහැති පොලිතීන් උගුල් වගාවේ යෙදීම, බෝග මාරුව, හානි වූ ශාක කොටස් විනාශ කිරීම, ඇසඩරැක්ටින් හෝ සයිරොමයිසින් වැනි කෘමි නාශකයක් යෙදීමද කළ හැකිය.

කියත් පණුවා
කුඩා පැල කපා දමයි. නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න. වගාවේ පස අවුස්සා පිලා අවනස්ථාව විනාශකර දමන්න.

රෝග පාලනය

බරවාපාද රෝගය
පැලෑටියේ වර්ධනය බාල වේ. මුල ඉදිමී විකෘති වේ. බෝගය සිටුවීමට පෙර පසට හුණු යොදීම. ගෝවා, රාබු වැනි බෝග එකම ඉඩමේ නිතර වගා නොකිරීම හා වල් අබ නොමැති පැලෑටි ඉඩමේ වැඩීමට ඉඩ නොදීම වැනි ක්‍රියා මගින් රෝගය පාලනය කරගත හැකිය.

අස්වනු නෙලීම
නියම අවස්ථාවේදී අස්වනු නෙලන්න. අස්වැන්න ප්‍රමාදවී නෙලීම මගින් අලවල ගුණාත්මය අඩුවේ.

අස්වැන්න
ජපන් බෝල  - හෙක්ටයාරයකට ටොන් 40 - 50
බීරළු  - හෙක්ටයාරයකට ටොන් 20 - 30

අස්වැන්න සැකසීම
අලවල ප්‍රමාණය අනුව අස්වැන්න ශ්‍රේණි කරන්න. වාතාශ්‍රය හොදින් ලැබෙන පරිදි අසුරා මිටි බැද වෙළද පොලට යවන්න.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Popular Post

Blogger templates

About this blog

Visits

Blogger templates

Social

Powered by Blogger.

Followers

Popular Posts

- Copyright © Software 1000+ -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -