Posted by : shifter Tuesday, August 6, 2013

 

කැරට්
ඩඋකස් කැරෝටා
Daucus carota
කුලය - අම්බෙලිෆෙරි

නිර්දේශිත ප්‍රභේද
ටොප් වේට් (මාස 4)

කෝණාකාර හැඩයක් සහිත අලය තැබිලි පැහැතිය.

කේප් මාකට් (මාස 3 - 3 1/2)

සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අලය ලා කහ පැහැයයක් ගනී.

නිව් කෝඩා (මාස 3 - 3 1/2)
සිලින්ඩරාකාර හැඩයක් ඇති අල තද තැඹිලි පැහැතියක් ගනී.
දැනට ගොවීන් අතර වඩාත් ජනප්‍රය වන්නේ "නිව් කුරෝඩා" වර්ගයයි. මෙම වර්ගය උඩරට මෙන්ම පහතරට ප්‍රදේශවලද වගා කිරීමට හැකියාව තිබේ.

දේශගුණික අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ට වඩා ඉහල එසේම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 15 - 18 පවතින ප්‍රදේශවල කැරට් බෝගය ඉතා හොදින් වගාකළ හැකිය. එසේ වුවද මීටර් 1300 වඩා පහල හා මධ්‍යම ප්‍රදේශවලද සාර්ථකව වගාකළ හැකි සමහර කැරට් වර්ග තිබේ.

පස
කැරට් වගාව සඳහා කාබනික ද්‍රව්‍ය බහුලව අඩංගු වැලි ලෝම පසක් වඩාත් යෝග්‍ය වේ. සැමවිටම ගල් බොරළු වලින් තොර පසක් වීම වඩාත් සුදුසුය. ලංකවේ දක්නට ලැබෙන රතු කහ පොඩිසොලික් පස්වල කැරට් හොදින් වගාකල හැකිය.

බිම් සැකසීම
කැරට් වගාව සඳහා හොදින් බිම් සකසා ගත යුතුය. සෙන්ටි මීටර් 20 - 30 ගැඹුරට සී සෑමෙන් හෝ කෙටීමෙන් පසු සියුම්ව පස සකස්කර ගන්න. මීටර් 1 පමණ පළල පාත්ති සකසා ගැනීම මගින් වගා නඩත්තුව පහසුවේ.

බීජ අවශ්‍යතාවය
බීජ කිලෝ ග්‍රෑම් 4 ක් පමණ හෙක්ටයාර් එකක් වගා කිරීමට අවශ්‍යවේ.

සිටුවීමේ කාලය
කැරට් බීජ එකවරම පාත්තිවල වැපිරිය යුතුය. මෙම වගාව යල සහ මහ කන්න දෙකෙහිම සිදුකල හැකිය. එසේ වුවද ජල සැපයුම සහ අනෙකුත් පහසුකම් අනුව මහ කන්නයේදී වැඩි වශයෙන් වගාවේ.

පරතරය
කැරට් බීජ ක්ෂේත්‍රයේ වැපිරීම ක්‍රම 2 කට සිදු වේ.

පාත්තිවල විසිරුවා හැරීම
පේලි ක්‍රමයට ඉසීම. (සෙන්ටි මීටර් 25 x සෙන්ටි මීටර් 10)
බීජ පැලවී සති 3 - 4 කින් පැල තුනී කිරීම අවශ්‍යවන අතර, සති 8 දී නියමිත පරතරයට සිටින සේ පැල තුනීකල යුතුය. පේලි ක්‍රමයට බීජ වැපිරීම මගින් පැල තුනී කිරීම හා වගාව නඩත්තු කිරීම පහසුවේ.

පොහොර යෙදීම

හෙක්ටයාරයකට යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය පහත දක්වා තිබේ.

මීට අමතරව පාත්ති සකසා ගන්නා අවස්ථවේදී කාබනික පොහොර (ගොම පොහොර හෝ කොම්පෝස්ට්) ටොන් 5 - 10 ක් පමණ හෙක්ටයාරයක් සදහා යොදන්න.
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර-270-
සති 3 දී110-85
සති 6 දී110-85
සති 9 දී110-85

ජල සම්පාදනය

කැරට් පැලවල මුල් පද්ධතිය අවට මැනවින් තෙතමනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් ජල සැපයුමක් කල යුතුය. නියමිත ප්‍රමාණයට වඩා ජලය අඩු වුවහොත් අස්වැන්න අඩු වේ.

වල් පැලෑටි පාලනය
අතින් වල් නෙලීම හෝ වල්නාශක භාවිතා කිරීමෙන් හෝ වල් පැල පාලනය කල හැකිය. මතුපිට පොහොර යෙදීමට කලින් වල් නෙලීම කල යුතුය.

වල්නාශක ලෙස මෙට්‍රිබියුසින් (සෙන්කර්) හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 0.35 බීජ පැලවීමට ප්‍රථමයෙන් පමණක් යෙදීම කළ හැකිය. මිශ්‍ර වගාවකදී වල්නාශක භාවිතා කිරීම නොකල යුතුය.

රෝග හා පළිබෝධ පාලනය

කැරට් පත්‍ර අංගමාරය සහ බැක්ටීරියා මෘදු කුණුවීම සාමාන්‍යයෙන් වැළදෙන රෝග වේ. තඹ මිශ්‍ර දිලීර නාශකයක් යෙදීමෙන් අංගමාරය වලකාගත හැකිය. වැඩිපුර ජලය සැපයීමෙන් වැලකී සිටීමෙන් බැක්ටීරියා කුණුවීම වලකාගත හැක. නොයෙක් දළඹු වර්ග, මයිටාවන්, කූඩ්ත්තන්, වේයන් වැනි කෘමිහානි නිර්දේශත කෘමිනාශක් යෙදමෙන් පාලනය කල හැකිය.
අස්වනු නෙලීම
කැරට් අලවල ඉහල කොටස සෙන්ටි මීටර් 2.5 - 5.3 පමණ විශාල වු පසු නෙලාගත හැකිය. කැරට් අලයට හානි නොවන ආකාරයෙන් ගලවාගත යුතුය.

අස්වැන්න
ඉතා හොදින් නඩත්තුකල වගාවකින් හෙට්ටයාරයකට මෙට්‍රික් ටොන් 30 - 35 වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

පසු අස්වනු කටයුතු
කැරට් අල ගැලවීමෙන් පසුව හොදින් පිරිසිදු කලයුතුය. පිරිසිදු ජලයෙන් සෝදා වෙළදපල වෙත යැවිය යුතුය. බැක්ටීරියා විශේෂ අලවල රැදී සිටීමෙන් කුණුවීම සිදුවිය හැකි නිසා සැලකිලිමත් වියයුතුය.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Popular Post

Blogger templates

About this blog

Visits

Blogger templates

Social

Powered by Blogger.

Followers

Popular Posts

- Copyright © Software 1000+ -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -