2014 ජනවාරි මස 10 වන සිකුරාදා

                අද දවස ඔබට කොහොමද?
තෙරුවන් සරණයි!






මේෂ ලග්නය

අද දින රැකියා කටයුතු මෙන්ම ආදායම් තත්ත්වයද යහපත් මට්ටමක පවතී. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට වැඩිවාසි සැලසේ. ගෘහ ජීවිතය යහපත්ය.නිරපරාද කටයුතු සඳහා ධනය වැයවීමට ඉඩ ඇති අතර දරුවන් නිසා පමණට වඩා වෙහෙසීමට සිදුවන බව පෙන්නුම් කරයි.



වෘෂභ ලග්නය

විනෝද ගමනක් යාමට අවස්ථාවක් උදාවිය හැකි දවසකි.රැකියාමය අංශයේ වෙනදාට වඩා වගකීම් හිමිවන අද දින ව්‍යාපාරික කටයුතුවල සුවිශේෂී දියුණුවක් ගෙනදේ. නව ආදායම් මාර්ග කෙරෙහි උනන්දුවක් දක්වන අතර, ණයට ගත් මුදලකින් නිදහස් වීමට හැකිවන බව පෙන්නුම් කරයි. පවු‍ලේ ප්‍රීතිය හා වාසනාව උදාවේ.



මිථුන ලග්නය

අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. රැකියා ස්ථානයේ පරිසරය යහපත් වේ. ස්වාමියාගේ හොඳහිත තමන් වෙත යොමුවන අද දින ව්‍යාපාරිකයන්ට අතිරේක ධන ලාභ ලැබෙන අතර, අතමිට සරුවුවද, ඉතිරිකිරීමට ඉඩක් නොලැබෙන බව පෙනීයයි.ගෘහ ජීවිතය වාසනාවන්තය.



කටක ලග්නය

ඔබේ රැකියා කටයුතුවලට යහපත් දවසක් බව කිව හැකිය. යුගදිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ. ආර්ථික වාසි හිමිවීමේ භාග්‍යය උදාවන අද දින රැකියා උසස්වීම් බලා‍පොරොත්තු වන අයගේ එම අපේක්ෂා අද දින සාර්ථක වන බව පෙන්නුම් කරන අතර ව්‍යාපාරිකයන්ට වාසි ගෙනදෙන දවසකි.







සිංහ ලග්නය

අමතර ආදායම් මාර්ග සැලසෙන අද දින ඔබට ශුභදායක බවක් පෙන්නුම් කරයි. රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතු සතුටුදායක වන අතර බලා‍පොරොත්තු වූ අදහසක් ඉටුවන බව පෙන්නුම් කරයි. තරග විභාගවලින් උසස් ප්‍රතිඵල ලබාගනී. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.



කන්‍යා ලග්නය

අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් ප්‍රතිඵල උදා කරයි. ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙන අද දින රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර යොදාගත් දුර ගමනක් අත්හැර දැමීමට සිදුවේ. අඹුසැමි සුහදතාව වර්ධනය වේ.



තුලා ලග්නය

තම බලා‍පොරොත්තු ඉටුකර ගැනීමට යාමේදී බොහෝ බාධා ඇතිවිය හැකි අද දින රැකියා විරහිත අයට රැකියා ලාභ හිමිවන අතර ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මිතුරකු කෙරෙහි තබා තිබූ බලා‍පොරොත්තුවක් බිඳ වැටේ. පවු‍ලේ සමගියට බාධා ගෙනදේ. 



වෘශ්චික ලග්නය

රැකියා ස්ථානයේ උසස් බලයක් ගොඩනගා ගැනීමට හැකිවන අද දින තරගකාරී කටයුතුවල යෙදෙන අයට සතුටුදායක ප්‍රතිඵල හිමිවන අතර විදේශ ගතවීමට අපේක්ෂිත අයගේ සැලසුම් බාධක මැද වුවද සාර්ථකවීමේ ප්‍රවණතාවක් පවතී. ගෘහ ජීවිතයේ ප්‍රබෝධයක් ගෙනදේ.



ධනු ලග්නය

අද දින තරගකාරී වැඩකටයුතු වලින් විශේෂ ජයග්‍රහණයක් ලබාගත හැකි බව පෙන්නුම් කරයි. රැකීරක්ෂා ව්‍යාපාර කටයුතුවල උසස් දියුණුවක් දක්නට ලැබෙන අතර මතෛක් කල් පැවැති ආර්ථික ගැටලුවලින් මිදීමට හැකිවේ. ගෘහ ජීවිතේ අවිවේකී බවක් ගෙන දෙන දවසකි.



මකර ලග්නය

රැකියා කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කළද, වෙනත් රැකියා කෙරෙහි සිත ඇදී යන දවසකි. ආර්ථිකය සතුටුදායකය. උසස් පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලබාගත හැකි අතර, ඉඩකඩම් සම්බන්ධව මතභේදවලට තුඩුදෙන කරුණු මතුවිය හැකි වාතාවරණයක් පවතී.

 

කුම්භ ලග්නය

රැකි රක්ෂා ව්‍යාපාර කටයුතු සම්බන්ධ දියුණුව, උත්සාහයන් සඵල වීම, මිල මුදල් ලාභ ලැබිම වැනි සුබපල රැසක් අද දින ඔබට භුක්ති විදීමට ඉඩ ලැබෙන බව පෙනී යයි. උසස් අයගේ ආධාර උපකාර පහසුවෙන් ලබාගත හැකි අතර ගෘහ ජීවිතය වාසනාවන්තය.



මීන ලග්නය

තම බලා‍පොරොත්තු සඵල කරගැනීමට වරම් ලැබෙන අද දින හිතවත් අයගෙන් උපකාර ලැබේ. රැකි රක්ෂා ව්‍යාපාරික කටයුතුවලට ශුභදායකය. අතමිට මුදල් ගැවසෙන බව පෙන්නුම් කරන අතර අනාගත දියුණුවට අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකි දවසකි.



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Popular Post

Blogger templates

About this blog

Visits

Blogger templates

Social

Powered by Blogger.

Followers

Popular Posts

- Copyright © Software 1000+ -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -