Posted by : shifter Tuesday, August 6, 2013



ගෝවා
බ්‍රසිකා ඔලෙරාසියා
Brassica oleracea
කුලය - බ්‍රසිකේසී

දේශගුණික අවශ්‍යතා

ශිත දේශගුණයට ගෝවා බෝගය වඩාත් හොදින් ඔරොත්තු දෙන අතර, වියළි කලායේද වගාක හැකිය. නමුත් විවිධ කෘෂි පාරිසරික කලාප වලට නිරදේශිත ප්‍රභේද වගාකල යුතු වේ.

නිර්දේශිත ප්‍රභේද
උඩරට තෙත් කලාපය
එක්සෝටික්

කොල පැහැති ගෙඩිය සාමාන්‍ය තද ගතියෙන් යුත් පැතලි රවුම් හැඩයෙන් යුක්ත වේ. දින 80-85 අස්වැන්න නෙලාගත හැකි.
හර්කියුලිස්
කෙළපාට ගොරෝසු පත්‍ර වලින් යුත් ඉතාමත් තද ස්වභාවයක් සහිත රවුම් ගෙඩි වේ. දින 100- 105 දී අස්වැන්න නෙලාගත හැකිය.

මැදරට
එක්සෝටික්

ගෙඩිය කෙළ පැහැ සාමාන්‍ය තද ගතයෙන් යුත් පැතිලි සිට රවුම් හැයෙන් යුක්තවේ.
ඒ.එස්. ක්‍රොස්
දින 85-90 අස්වැන්න නෙලාගත හැකි. මධ්‍යස්ථ තද ගතයෙන් යුක්ත පැතලි ගෙඩි වේ.
කේ.වයි. ක්‍රොස්
දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්‍යස්ථ තද ගතයෙන් යුක්ත රවුම් ගෙඩි වේ.

පස
පී. එච්. අගය 6 - 6.5 වන පස වගාව සදහා ඉතාමත් සුදුසුවේ. ආම්ලික බව වැඩ් වු විට ගෝවා බරවා රෝගයට පාත්‍රවීමේ ඉඩකඩ වැඩ්වේ. කාබනික ද්‍රව්‍ය අඩංගු සාරවත් පසක් වගාව සඳහා තෝරා ගන්නවා.

බිම් සැකසීම
සෙන්ටිමීටර් 30 - 40 ගැඹුරට පස පෙරලා හොදින් බිම් සකස් කරන්න. ආම්ලික පසක් නම් හෙක්ටයාරයකට ටොන් 2 ක් පමණ අළුහුණු යොදන්න.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට ග්‍රෑම් 200 - 250 කි.

තවාන් පිළයෙල කිරීම
නිරෝගී දිරිමත් පැල ලබා ගැනීම සඳහා තවාන් පිළයෙල කිරීම වැදගත් වේ. මේ සඳහා සුදුසු ස්ථානයක් (ජල පහසුව තිබෙන, නිතර පරීක්ෂාකාරි විය හැකි, හිරුඑළිය වැටෙන, පෙරදී ගෝවා කුලයේ බෝගයක් වගා නොකල ඉඩමක් වීම) තෝරාගත යුතුවේ. ආම්ලික පසක් නොවන බිමක් වීමද ඉතාමත් වැදගත්ය.

මීටර් 1x3 ප්‍රමාණයේ පාත්තියක උස සෙන්ටි මීටර් 12 - 15 විය යුතුය.

කොම්පෝස්ට් හා මතුපිට පස් 1 : 1 වනසේ පිළියෙලකල පස් මිශ්‍රණයක්, තවාන මතුපිට සෙන්ටි මීටර් 6-8 පමණ දමන්න. දියමලන් කෑම හා හානිකර රෝගකාරක ජීවීන් විනාශ කිරීම සඳහා පෝමොසොල්ෆොටේ (තිරාම්) තවාන් පාත්ති වලට යොදන්න. හෙට්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2 කි.

පේලි අතර පරතරය සෙ.මී. 10 වනසේද ගැඹුර සෙන්ටි මීටර් 1ට නෙවැඩි වනසේද පේලි වලට බීජ දමන්න. ජීවානුහරණය කරන ලද පස් වලින් බීජ වසා වසුනක් යොදන්න.

දින 4-5 දී බීජ පැලවු විගස වසුන ඉවත්කර දිනපතා දෙවරක් බැගින් ජලය යොදන්න.

ආවරණයක් යොදා තද වැස්සෙන් සහ සතුන්ගෙන් ලපටි පැල ආරක්ෂාකර ගන්න. පැල සිටුවීමට දින දින 10 කට පමණ පෙර සිට පැල දැඩි කරගන්න. මේ සඳහා සූර්යාලෝකයට පැල නිරාවරණය කරනු ලබන කාලය ක්‍රමයෙන් වැඩි කරන්න. බීජ ග්‍රෑම් 1 කින් පැල 250 පමණ ලබා ගත හැකිය.

පැල සිටුවීම
සති 3 - 4 පමණ වයසැති නීරෝගී දිරිමත් පැල ගලවා සවස් කායේදි සිටුවීම ඉතාමත් වැදගත්ය. පැල සිටුවා දිනකට දෙනරක් ජලය යොදන්න.

පරතරය
පේලි අතර සෙන්ටි මීටර් 50 සහ පේලිය තුල සෙන්ටි මීටර් 40 ක පරතරයකින් පැල සිටුවන්න.

පොහොර යෙදීම
ආම්ලික පසක් නම් පැල සිටුවීමට දින 14 කට පෙර අළුහුණු යොදන්න.

පැල සිටුවීමකට සතියකට පමණ පෙර කුකුල් පොහොර හෙට්ටයාරයකට ටෙන් 10 වනසේ වලවල්වලට දමා පස් සමඟ හොදින් මිශ්‍ර කරන්න.

පැල සිටුවීමට දින 2 පමණ පෙර මුලික පොහොර වශයෙන් නිරදේශිත රසායනික පොහොර මිශශ්‍රණය යොදන්න.

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා
යෙදිය යුතු
කාලය
යූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර-27075
සති 2 දී110--
සති 5 දී110--
සති 8 දී110-75

බදුල්ල හා සෙසු ප්‍රදේශ සඳහා
යෙදිය යුතු
කාලය
යූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර11027075
සති 3 දී110--
සති 6 දී110-75

ජල සම්පාදනය
පැල සිටවු මුල් දිනවල දිනකට දෙවරක් බැගින් ජලය යොදන්න.

ඉන් පසු දිනකට එක් වරක් ජලය සැපයීම සහේ. හෙත් වගාවට මාස 11/2 පමණ වු අවස්ථාවේ සිට ගෙඩි හට ගැනීම සහ විශාලවන අවස්ථවේදී) ප්‍රමාණවත් ජල සැපයුමක් ලබාදීමට වගබලා ගන්න.

වල් පැලෑටි පාලනය
වල් මර්ධනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මතුපිට පොහොර යෙදීමට පෙර වල් පැල ඉවත් කරන්න.

රෝග පාලනය
දියමලන් කෑම

තවාන් දැමීමට පෙර දිලීර නාශකයක් යෙදීම ක්‍රමාණුකූල අන්දමට වගා ක්‍රම අනුගමනය කිරීම.

යටිපුස් රෝගය

බේකෝර් නැමති දිලීර නාශකය නිර්දේශිත ප්‍රමාණයට යොදන්න.

කළු කුණුවීම

සැන්තොමොනාස් කම්පෙස්ට්‍රිස් නම් බැක්ටීරියාව මගින් වැදෙන මෙම රෝගය වලක්වා ගැනීම සඳහා නියමිත වගාක්‍රම හා ශෂ්‍ය මාරු ක්‍රම අනුගමනය කිරීම සුදුසුය.

බරවා රෝගය

පසෙහි ආම්ලික බව වැඩි ස්ථානවල මෙම රෝගය නිසා වගාවට දරුණු හානි ඇතිවිය හැකිය. ප්ලැස්මොඩි ෆෙරා බ්‍රැසිකේ නම් දිලීරයෙන් සෑදෙන මෙම රෝගය වලක්වා ගැනීම සඳහා නියමිත වගා ක්‍රම අනුගමනය කිරීම. ශෂ්‍ය මාරු ක්‍රම අනුගමනය කිරීම වැදගත්ය.

පත්‍ර පුල්ලි රෝගය

මයිකොස්රෙල්ලා බ්‍රැසිකෝලා නම් දිලීයෙන් වැදෙන මෙම රෝගය මර්ධනයට ටෙබුකොනසෝල් (පොලිකර්) මිලි ලීටර් 0.35 ජලය ලීටර් 1ක දියකර යෙදිය යුතුවේ.

කෘමි පාලනය
කියත් පණුවා

පැල කුඩා කාලයේදී මෙම හානිය ඇතිවන බැවින් පැල සිටවු විගසින් ප්‍රොෆෙනොපොස් 50% (සෙලික්‍රොන්) මිලි ලීටර් 25-28 ජලය ලීටර් 10ක මිශ්‍රකර යෙදීම සුදුසු වේ.

ලූපර් දළඹුවා, දියමලන් සලබයා, කොළ කන දළඹුවා සහ ගෙඩි විදින දලඹුවා
මර්ධනය සඳහා එතොෆෙන් ප්‍රොක්ස් 10% (ට්‍රබෝන්) කලෝර්ෆ්ලුවසුරෝන් (ඇටබ්‍රෝන්) නිර්දේශිත ප්‍රමාණය යෙදිය යුතුවේ.

අස්වනු නෙලීම
ප්‍රභේදය අනුව අස්වනු නෙලීමේ කාලය වෙනස්වේ. ( දින 90-110 අතර) ප්‍රමාණයට වඩා මේරීම නිසා ගෙඩිය පුපුරන බැවින් අස්වනු නෙලීමට සුදුසු තත්ත්වයට පත් වු විට නෙලාගත යුතවේ.

උදේ වරුවේ අස්වනු නෙලිය යුතු අතර, තද හිරු එළිය ඇතිවිට අස්වනු නෙලීම නුසුදුසුය. ගෙඩියට හානි නොවනසේ පිටතින් ආවරණ පත්‍ර 2-3 සමග ප්‍රවේශමෙන් නෙලා ගන්න.

අස්වැන්න
සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 40 පමණවේ.

අස්වැන්න සැකසීම
අස්වැන්න නෙලු පසු පලුදු වු ගෙඩි ඉවත් කරන්න. මනා වාතාශ්‍රයක් ලැබෙන ගෝනිවල ගෝවා ඇසිරීම කල යුතවේ. මෙය ඉතා වැදගත්ය. හැකි ඉක්මනින් වෙලඳපල වෙතට අස්වැන්න යවන්න. මෙමගින් පසුවට සිදුවන අස්වනු හානිය වලක්වාගත හැකිය.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Popular Post

Blogger templates

About this blog

Visits

Blogger templates

Social

Powered by Blogger.

Followers

Popular Posts

- Copyright © Software 1000+ -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -